විසිහත්වන ගිනියම

446 163 56
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිහත් වන ගිනියම

" සර්ට මෙහෙම ගස් ගල් අස්සෙන් ගිහින් පුරුදු නැතිව ඇති නේද ? "

" නෑ !
මං ආසයි මේ අලුත් අත්දැකීමට..
මේක නම් අපූරුයි..
ඉන්ග්ලිශ් ෆිල්ම් එකක බැක් ග්‍රවුන්ඩ් එක වගේ..
මාරම ඉන්ට්‍රෙස්ටින්..
මං කවදාවත් හිතුවෙ නෑ මේ තරම් ජීවිතේ නිදහසේ විඳින්න පුලුවන් වෙයි කියලා.. "

" හා !
පුලුවන් නම් උඹලගෙ රිලා ජීවිතේ සර්ටත් පුරුදු කරපල්ලකො..
මේකුන් එක්ක නම් එක්කාසු වෙන්නෙපා සර් !
කෙල්ලො කියලා නෑ..
රූස්ස ගස් මුදුනෙ ඉන්නෙ..
අනේ අම්මපා කොන්ද කඩාගත්තම තියෙයි..
ගෙඩි කකා..
වඳුරොද කොහෙද ගිය ආත්ම වල.. "

අම්මාවරු එලෙස ය. ඒ මුවට නිවනක් නැත. සෑම නිමේශයකම කුමක් හෝ දෙයක් නොකීවේ නම් සිතට හරි මදිය. දවසකට එකදු වරදක් හෝ නොපැවසුවේ නම් නින්ද නොයන තරම් ය. කවුරු කෙසේ කොයි ලෙසකින් සිටියද ඇගේ වදන් වලට බාධාවක් නොවන්නේ ය. මහ පාර මධ්‍යයේ වුව ද ඕනෑම නිමේශයක නිවෙසෙහි ආමන්ත්‍රණය වන සුරතල් නාමයෙන් තීව්‍ර ධ්වනියෙන් ඇමතීමට කිසි විටෙක පසුබට නොවන්නීය. ඇගේ මුවින් ගිලිහෙන වදනක් පාසාම ජිමින්ගෙ මුවේ මදහසක් නැගෙනුයේ ඇද වී යන සරන්ග්ගෙ වත නෙත ගැටීමෙනි.

" ඔන්න හරී..
කඳු තරණය කරලා..
වන වදුලු , ගිරි ශිඛර.. "

" දෙයියන්ගෙ නාමෙන් ඔය කට බලියාව වහගනින්..
මේක පන්සල.. "

" හා ඉතින් !
මං නෑ කිව්වද..
ඇයි වදේ.. "

ජිමින් මුව නැගි හසරැල්ල බාහිරයට නිරාවරණය නොකරමින් පන්සල් භූමියේ එක් කොනක වූ අතු පතර විහිදා පෙදෙසම සුගන්ධවත් කළ විසල් සල් ගස පාමුල පාවහන් ගලවා නිරුවත් දෙපා සුදු වැල්ලේ ස්පර්ශ කළේ ගත පුරාවටම සිසිලසක් දිව යද්දිය. වසර ගණනාවකට පෙර ඔහු අතහැර දැමූ සියල්ලක් අද ජීවිතයේ සියුම් තැන් පවා ස්පර්ෂ කරන බව වැටහෙද්දි දෑස් ඔබ මොබ යවමින්ම ඔහු දෙපා ඉදිරියට තැබූයේ හඳුන්කූරු සුවඳ මුසු වුණු සිහිල් සුළං රැල්ලක් නාස් කුහරය ඇතුළාන්තයේ තැවරෙද්දිය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now