" ඔයාට විශ්වාස ද ජන්කුක් මේ ගත්ත තීරණය ගැන"?
වාහනය ඩ්‍රයිව් කරන වයස අවුරුදු පනහකට ආසන්න පුද්ගලයා ඇහුවේ තමන්ගෙ එහා පැත්තෙ වාඩිවෙලා කල්පනා කරන තරුණයාගෙන්.
" ඔව් චීෆ්... තව කොච්චර බලන් හිටියත් මම කවදාහරි මේවට මූණ දෙන්න එපැයි "
තරුණයා සුසුමක් හෙලමින් ආයෙම ජනේලෙන් එලිය බලගත්තා.
" කව්ද මේ අලුත් හාදයා? පාර්ක් ජිමින් ? , මම අහලවත් නෑනෙ"
ජන්කුක් ෆෝන් එකේ තිබුණ ලියවිල්ලක් ඉතාමත් හොඳින් පරීක්ෂා කරමිනුයි හිටියෙ.
" ජිමින් අලුත් එක්කෙනෙක් නෙවෙයි . ෆයිනෑන්ෂියල් ක්‍රයිම්ස් එකේ හිටියෙ. මෙහෙට ට්‍රාන්සර් උනා මේ ළඟදි"
වයස්ගත පුද්ගලයා කියද්දි ජන්කුක් තරුණයා ඔහු දෙස බැලුවෙ පුදුමයෙන්.
" එහෙම අලුත් එක්කෙනෙක් එක්ක කොහොමද මේ ක්‍රයිම් ඉන්වෙස්ටිගේට් කරන්නෙ? අඩුගානෙ චීෆ් මට පොඩි හරි එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක් දෙන්න"
" ඕකේ DCI ජන්කුක් ... අපි අදාල තැනට ඇවිත් තියෙන්නෙ ... එහෙනම් DI ජිමින් එක්ක වැඩේ කරගෙන යන්න"
ජන්කුක් ගෙ ප්‍රශ්නෙට පිලිතුරක් නොදුන් වයස්ගත පුද්ගලයා දොර දිහාවට අත දිගු කරේ තවත් බලා සිටිය යුතු නැති බව හඟවමින්.
තරමක් කේන්තියෙන් වාහනයෙන් බැහැගත්තු ජන්කුක් තමන්ගෙ උකුසු ඇස් වටපිටාව පුරා යැව්වෙ සැක කටයුතු යමක් තියෙනවද කියල දැනගන්න වගේ. තමන් ඇදගෙන ඉදපු කලු පාට ජැකට් එකේ සිප් එක උඩට අදින ගමන් ජන්කුක් අඩිය ඉක්මන් කරේ තමන්ගෙ කන්ඩායම ළඟට යන්න." හේයි... කොහෙද යන්නෙ? ඇස් පේන්නෙ නැද්ද? මම ඔහේ උනානම් ඔය අඩිය තියන්න කලින් දෙපාරක් හිතනවා"
කව්දෝ කෙනෙක් ඒ විදියට ජන්කුක් ට කෑගහද්දි ජන්කුක් ඒ දිහා හැරිලාවත් බලන්නෙ නැතුව තමන්ගෙ අයිඩී එක ඒ පැත්තට දික් කරා.
" ඔහ්... සොරි සර්... මම අඳුනගත්තෙ නෑ... මම DI පාර්ක් ජිමින්..."
අන්න ඒ වෙලාවෙ තමයි ජන්කුක් හැරිලා පුද්ගලයා කව්ද කියල බැලුවෙ.