" ජිමිනා........ මට ඇත්ත කියනව"
ජන්කුක් රූම් එකෙන් ගියාට පස්සෙ ටේහ්යොන්ග් ජිමින් ගෙ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා.
" මො... මොකක්ද ? මොනව ගැනද ඔයා කතාකරන්නෙ"?
ජිමින් බිඳුණු හඬින් අහද්දි ටේහ්යොන්ග් මූණට ආවෙ දරදඬු පෙනුමක්.
" ඊයෙ මොකද උනේ.....? එකපාරටම මෙහෙම අසනීප වෙන්න විදියක් නෑනෙ ජිමින් ... ඔයා කාපු බීපුවම තමයි අපිත් කෑවෙ. මට පේන්නෙ මෙතන ඊට වැඩිය මොනාහරි වෙලා තියෙනවා වගේ"
ටේහ්යොන්ග් ආයෙම වතාවක් ජිමින් පෙරවගෙන ඉදපු ඩුවට් එක පහලට අදින්න හැදුවත් ජිමින් ඒකට ඉඩ දුන්නෙ නෑ..
" මම දන්නෙ නෑ ඔයා මොනව කියවනවද කියල . මට කාගෙන්වත් හංගන්න දේවල් නෑ"
ජිමින් කිව්වෙ කේන්තියෙන් අහක බලාගෙන.
" ඔයා හිතන්න එපා ජිමිනි මම ඔයාව විශ්වාස කරා කියල . ඔයාගෙ රඟපෑම සාර්ථක වෙන්න තිබ්බා යුන්ගිගෙන් හොඳ සහයෝගයක් තිබ්බා නම් . මට කියන්න තියෙන්නෙ යුන්ගි කියන්නෙ දක්ෂ නළුවෙක් නෙවෙයි . කමක් නෑ... මට ඔයාලගෙ පෞද්ගලික දේවල් හාරාවුස්සන්න ඕන නෑ... ඒක ඔයාලගෙ තීරණයක් . කොහොම හරි ඉක්මනින් සනීප වෙලා ඉන්නකො"
ජිමින් ගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාපු ටේහ්යොන්ග් නැගිට්ටෙ රූම් එකෙන් එලියට යන්න. හොඳම යාලුවත් තමන්ගෙන් දේවල් හංගනව කියල තේරුණ නිසා ටේහ්යොන්ග් හිටියෙ ටිකක් දුකෙන් වගේම කේන්තියෙන් .
" පොඩ්ඩක් ඉන්න"
ජිමින් ටේහ්යොන්ග් ගෙ කමිසෙ අතින් ඇදලා ටේහ්යොන්ග් ව නැවැත්තුවා .
" මේ ගැන ජන්කුක් ට කියන්න එපා..."
ජිමින් එයාගෙ රතු උන මූණ ටේහ්යොන්ග් ගෙන් හංගගෙන කියද්දි ටේහ්යොන්ග් ට හිනායන්න ආවෙ තමන් හිතපු දේම සිද්ධ වෙලා නේද කියල මතක් වෙනකොට.
" මගෙයි ජන්කුක් ගෙයි අතර රහස් නෑ ජිමිනී.. එයා මගෙන් මේ ගැන ඇහුවොත් මම අනිවාර්යයෙන්ම කියනවා. ඔයා ප්රාර්ථනා කරන්න එයා මගෙන් මොකුත් අහන්න එපා කියල "
ටේහ්යොන්ග් ඒ විදියට කියද්දි ජිමින් ගෙ මූණ නිකම්ම ඇකිලිලා ගියා. ජිමින් ටේහ්යොන්ග් ගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ.