episode 41

337 46 9
                                    

ජන්කුක් හිටියෙ එයාගෙ කාමරේට වෙලා බියර් එකක් බොන ගමන්. ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉදපු මිෂන් එක අසාර්ථක උනාට පස්සෙ ජන්කුක් ට ඉහල නිලධාරින්ගෙන් ගොඩක් බැනුම් අහන්න උනා වගේම මාසෙක වැඩ තහනමකට ලක් උනේ හිතාගන්න බැරි විදියට. ඒ ගැන කේන්තියෙන් ඉදපු ජන්කුක් ට සැනසීමකට කියල තිබුනෙ මත්පැන් විතරයි .

" යා.... ඔන්න පටන් ගත්තා අදත් දහජරාව අදින්න.. මැරිලා යන්නද හදන්නෙ මනුස්සයෝ"

ටේමින් ඉස්සරහ දොරෙන් එන ගමන්ම කෑගැහුවෙ ජන්කුක් අතේ තියෙන බියර් කෑන් එක දැකලා. ඒත් වෙනදා වගේම ජන්කුක් ට ඒවා ඇහුන පාටක් නෑ.

" ඕක පැත්තකට දාලා යමු ගමනක්"

ටේමින් බියර් කෑන් එක උදුරගන්නවත් එක්කම ජන්කුක් ඒ දිහාට හැරුනෙ කේන්තියෙන් .

" මම කොහේවත් යන්නෙ නෑ.."

ජන්කුක් මුරණ්ඩු විදියට කිව්වා.

" හ්‍යොන් ... හිතුවක්කාර උනා ඇති. දැන් ප්‍රශ්නෙ ඕනවට වඩා දුර ගිහින් තියෙන්නේ .... ඔයා ඔහොම බලන් හිටියොත් තව ජීවත කීයක් අනතුරේද කියල මම දන්නෑ. ඔයාට දුක නැද්ද හ්‍යොන්. අර පොඩිඋන් දෙන්නා..."

" මට මොනවද කරන්න කියන්නෙ"?

ජන්කුක් ඇහුවෙ කේන්තියෙන් .

" ඒ ගැන අපි කලින් කතා උනා..."

" එයාලව මෙහෙ ගෙනත් තවත් අමාරුවක දාන්න මට බෑ.."

" එහෙමයි කියල එයාලට එහෙ ඉන්න දෙන්නත් බෑ..පොඩි දෙන්නා ටේහ්‍යොන්ග් ගෙ අම්මලා ළඟ තමයි ඒත් එයාලගෙ ආරක්ෂාව සීයට සීයක් සහතික කරන්න බෑ. ඒ වගේම ටේහ්‍යොන්ග් . එයාගෙ ජීවිතේ අවදානම්"

ටේමින් පැහැදිලි කරද්දි ජන්කුක් තමන්ගෙම කෙස් ඇඟිලි වලින් අදින්න ගත්තා. ළඟ තිබ්බ මල් පෝච්චියටකට පයින් එකක් ගහපු ජන්කුක් බයික් එකේ යතුරත් අරන් එලියට බැස්සා.

" හ්‍යොන් පරිස්සමට "

ජන්කුක් බයික් එක ස්ටාර්ට් කරනවත් එක්කම ටේමින් එයාගෙ ෆෝන් එකත් අරගෙන ගේඇතුලට ගියෙ කෝල් එකක් ගන්න.

පුළුවන් තරම් ඉක්මනින් ටේහ්‍යොන්ග් ගෙ ගෙදරට ආව ජන්කුක් බයික් එක ගේට් එක ළඟ නැවැත්තුවා. ජන්කුක් මොහොතක් කල්පනා කරේ ඇතුලට යනවද නැද්ද කියල. ටේමින්ගෙ කතාව අහල ආවට මෙතනින් එහාට මොකද කරන්න ඕන කියල ජන්කුක් ට අදහසක් තිබ්බෙ නෑ. ආපහු හැරෙන්නත් හදලා ආයෙම හොද හුස්මක් අරගෙන ගේට් එකෙන් ඇතුලට ආවා. ගෙදර දොරකඩට ළං වෙනකොටම ජන්කුක් ට දැනුනෙ අමුතු නිහැඬියාවක්. මොනව උනත් සිද්ධ වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියල වැටහුණාට පස්සෙ ජන්කුක් දොරට තට්ටු කරන්න ලෑස්ති උනත් දොර වහලා තියෙන්නේ බාගෙට කියල තේරුණාට පස්සෙ ජන්කුක් දොර තල්ලු කරගෙන ගේ ඇතුලට ගියෙ හොඳ විමසිල්ලෙන්. තරමක් විශාල ගමන් මල්ලක් සාලෙ මැද තිබුණත් ලොකු නිහැඬියාවක මුළු නිවසම ගිලිලා තිබුණා. ඒත් වැඩි වෙලාවකට නෙවෙයි . උඩ තට්ටුවෙන් කටහඬක් යන්තමින් ඇහෙද්දි ජන්කුක් කරේ සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න පඩිපෙල නැගපු එක. සද්දෙ ඇහෙන්නෙ ටේහ්‍යොන්ග් ගෙ කාමරෙන් කියල වැටහුණාට පස්සෙ ජන්කුක් ඉක්මනින් ඒ කාමරේට එබුණා.

Save meWhere stories live. Discover now