episode 11

298 50 19
                                    

" autopsy රිපෝට් එක ආවද"?

ජන්කුක් කැබින් එකට ආවෙ එහෙම අහගෙන.

" තාම නෑ සර්.. "

"එකකවත්"?

ජිමින් නෑ කියල ඔලුව වැනුවා. ජන්කුක් හිටියෙ කලබල වෙලා. දැනටමත් මීඩියා වලින් වගේම ඉහල පාර්ශව වලිනුත් පොලීසියට පීඩනය එල්ල වෙමිනුයි තිබ්බෙ.

" ටයර් සලකුණු වල රිපෝට් එක ආව ජිමින්, ඒකට අනුව මේවා වෑන් එකක ටයර්. මේ වර්ගයේ කියල තමයි අනුමාන කරන්නෙ. "

ජන්කුක් තිරයට වැටුණ වාහනයක පින්තූරයක් හැමෝටම ප්‍රදර්ශනය කරා.

" cctv footage ඇවිත් තියෙනවා සර්.. අපි autopsy රිපෝට් එක එනකන් ඒ ටික චෙක් කරමු. තාම පස් සාම්පල් වල රිපෝට්ස් ටිකත් NFS එකෙන් ආවෙ නෑ. "

ජිමින් තමන් අතේ තිබ්බ external hard ඩ්‍රයිව් එක කම්පියුටර් එකට සම්බන්ධ කරා.

" ටේහ්‍යොන්ග් කොහෙද "?

සෑහෙන වෙලාවක ඉදලා ටේහ්‍යොන්ග් පේන්න නැති නිසා ජන්කුක් ප්‍රශ්න කරා.

" NFS ( National Forensics Service ) එකට ගියා සර්. Autopsy එක කරන තැන"

" හ්ම්ම්ම්.... prosecutor මින්ට එන්න කියන්න ජිමින් , ජුන් වූ, ලී ඒ දෙන්නාටත් එන්න කියන්න. මේක ඉක්මනින් වෙන්න ඕන"

ජන්කුක් ප්ලේ වෙන cctv දර්ශන දිහා ඇස් තියාගෙනම ජිමින්ට අණ කරා. තවත් විනාඩියක් ගත වෙද්දි ඒ ඔක්කොම හිටියෙ ජන්කුක් ගෙ කැබින් එකේ..

" අපි ඔක්කොම එකතු වෙලා මේක චෙක් කරමු. සැක හිතෙන කිසිම දෙයක් මගාරින්න එපා. ලී... ජුන් වූ එක්ක රෙස්ටුරන්ට් එකෙයි අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකෙයි ෆූටේජ් ටික බලන්න. යුන්ගි හ්‍යොන් ජිමින් එක්ක සුපර් මාර්කට් එකෙයි, හොටෙල් දෙකෙයි ඒවා බලන්න. මම ට්‍රැෆික් කැමරාස් වල ඒවා බලන්නම්... ටයර් සලකුණු වල හැටියට මෙන්න මේ වගේ වෑන් වල තමයි ඔය වගේ ටයර් පාවිච්චි වෙන්නෙ. ඒ පැත්තට යන මේ වර්ගයේ වෑන් ඔක්කොම අපිට හොයන්න වෙනවා.මේක ලේසි වෙන්නෑ කොල්ලනේ.. ෆයිටින් .. ඔහ්... ප්ලීස් යුන්ගි හ්‍යොන්.. මේ වෙලාවෙනම් රණ්ඩු වෙන්න එපා. මේකට අවධානය දෙන්න. "

යුන්ගි ජිමින් දකිනකොට ම බනින්න ලෑස්ති උනත් ජන්කුක් ඉක්මනින් ඒකට මැදිහත් උනා. ඒත් එක්කම වගේ කැබින් එකේ දොර ඇරුණ නිසා හැමෝගෙම අවධානය යොමු උනේ ඒ පැත්තට.

Save meWhere stories live. Discover now