" කව්ද පාර කිව්වෙ "?
කැෆේ එකට ගොඩ උන හැටියෙ ජින් එයාගෙ නෝක්කාඩුව පටන් ගත්තා.
" මම කිව්වෙ හියුන්"
ජිමින් අත උස්සලා කියද්දි ජින් අඩියට දෙකට ජිමින් ලගට ආවා.
" මම දන්නවනෙ මගෙ මෝචිය මාව එහෙම අමතක කරන්නෑ කියල "
" ඔය නාඩගම් නවත්තලා අන්න අර මනුස්සයට කන්න මොනාහරි දෙන්න. බ්ලඩ් ෂුගර් අඩු වෙලාලු"
ජන්කුක් ටේහ්‍යොන්ග් ව පෙන්නලා ජින් ට කිව්වෙ ජින්ගෙ මූණෙ ලස්සන හිනාවක් මැවෙද්දි.
" හස්බන්ඩ්වත් එක්කගෙන ම ඇවිත්... අන්න එහෙම තමයි ඉන්න ඕන.. රස්සාව වගේම පවුල් ජීවිතෙත් බැලන්ස් කරන්න ඕන."
" පොඩ්ඩක් ඉන්න ජින් හියුන්... හස්බන්ඩ් නෙවෙයි මෙයාගෙ ෂුගර් ඩැඩී ඒ ඉන්නෙ .. සීනි අමාරුව ඒ මනුස්සයට"
ජිමින් ගෙ කතාවට ජින් එයාගෙ කිංකිණි හිනාවෙන් පිලිතුරු දෙනකොට ජන්කුක් හිටියෙ පුපුරන්න ලං උන ගිනිකන්දක් වගේ. ටේහ්‍යොන්ග් නම් සිද්ධ වෙන මෙලෝ දෙයක් නොදැන ඇස් ලොකු කරන් ඒ තුන් දෙනා දිහා බලන් හිටියා. අන්තිමට ටේහ්‍යොන්ග් ගෙ ප්ලෑන් එක සාර්ථක වෙලා තුන් දෙනත් එක්කම පිටත් උනේ කෑම කෑවට පස්සෙ .
ක්‍රයිම් සීන් එකට යද්දි තවමත් මලසිරුරු වල වැඩ අවසන් වෙලා නෑ. Forensics ටීම් එකේ අය තාමත් මලසිරුරු හා ඒ අවට පරීක්ෂා කරනවා.
" ප්‍රශ්නයක් නෑ නේද? "
කාර් එකෙන් බැහැල ජන්කුක් ඇහුවෙ ටේහ්‍යොන්ග් කලින් අසනීපයි කියල කියපු නිසා.
" නෑ.. ඇයි ජිමින්ෂි එන්නෙ නැද්ද"?
ජිමින් තාමත් කාර් එකේ නිසා ටේහ්‍යොන්ග් ඇහුවෙ කුතුහලයක් එක්ක.
" එයා තාම අලුත් මේවට. කලින් ෆයිනෑන්ෂියල් ක්‍රයිම්ස් ඩිවිෂන් එකේ හිටියෙ.... මේ පලවෙනි හොමිසයිඩ් කේස් එක. එයාට ඩෙඩ් බොඩීස් බලන්න අමාරුයි ... ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ඒක. "
" මම හිතනවා. මම මීට කලින් මේවා දැකල තියෙනවා . ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතනව"