වටපිටාව ගොඩක් නිස්කලංක නිසාම ජන්කුක් ගෙ කන්දෙක ඇතුලෙන් කී...ං ගාන සද්දයක් වගේ ආවා. ඇහිපිල්ලම් හරියට ගම් ගාලා වගේ ඇලවිලා. ඒවා ඈත් කරන්න සෑහෙන වෙහෙසක් ගත්ත ජන්කුක් අමාරුවෙන් ඇස් දෙක ඇරියා. එකපාරටම ඇස් වලට ආපු සුදු පාට ආලෝකයට හුරු වෙන්න ජන්කුක් ට සෑහෙන වෙලාවක් ගියා. තමන් ඉන්නෙ කොහෙද කියල බලාගන්න උවමනා උනත් අතක ඇඟිල්ලක්වත් හොලවගන්න බැරි තරම් අපහසුවක් දැනුන නිසා ජන්කුක් කරේ ඔහේ උඩ බලාගෙන ඉදපු එක." ඔහ්... හ්යොන් නැගිට්ටද"?
නුහුරු කටහඬක් ඇහෙද්දි ඒ කව්ද කියල බලන්න ඔලුව හරවන්න උත්සාහ කරද්දි ජන්කුක් ට කෙඳිරි ගෑවුනේ දැනුන වේදනාව දරාගන්න බැරි නිසා. ජන්කුක් ගෙ තත්ත්වය තේරුම් ගත්ත ටේමින් ඇඳ පොඩ්ඩක් උස් වෙන විදියට හදලා ජන්කුක් ඉස්සරහට ආවා.
" මම ටේමින් .. හ්යොන්ට මතකද?"
" හ්ම්."
උත්තර දෙන්නවත් ශක්තියක් නොතිබුණ ජන්කුක් යන්තමින් කෙඳිරි ගෑවා.
" හ්යොන් ඇක්සිඩන්ට් උනා. සිහිය එන්න දවස් හතරක් විතර ගියා. ඊයෙ රෑ තමයි මුලින්ම සිහිය ආවෙ. ඔෆිසර් ජිමින් මේ ටිකේම ළඟ හිටියා. අද උදේ තමයි ගියෙ"
ටේමින් ජන්කුක් ගෙ හිතේ ඇති කියල හිතුන ප්රශ්න වලට පුළුවන් විදියට උත්තර දුන්නා. ඒත් ජන්කුක් නිහඬව බලාගෙන හිටියා විතරයි . මොහොතකින් ජන්කුක් ගෙ ඇස් වලින් කඳුළු ගලනකොට ටේමින් ටිකක් කලබල උනා.
" හ්යොන් ට අමාරුයි නේද? ගොඩක් තුවාල වෙලා ඒකයි. දැන් බෙහෙත් වෙලාවත් ළඟයි. ඒක තමයි වේදනාව වැඩි"
ටේමින් ජන්කුක් ඔලුව අතගාන ගමන් කිව්වත් ගතේ වේදනාවට වඩා ජන්කුක් ට ගොඩක්ම දැනුනේ හිතේ වේදනාව කියල ටේමින් දන්නෙ නෑ.
ටේහ්යොන්ග් එක්ක ගත කරපු හැම තප්පරයක්ම ආයෙ ආයෙ මතක් වෙද්දි ඒ අතරින් නිකීගෙ මූණත් මැවෙනකොට ජන්කුක් ට දැනුනේ හරියට පිච්චෙනවා වගේ හැඟීමක්.
-----------------------------------------------------
මාසයකට පසු.........
සෑහෙන දවසකින් ටේහ්යොන්ග් ඔෆිස් එකට ආවෙ දිග නිවාඩුවක් ගත්ත නිසා. ජන්කුක් නිසාම ආයෙම පරණ ඔෆිස් කෙට නොයා පොලිස් ස්ටේෂන් එකේම ට්රාන්සර් එක ගත්ත ටේහ්යොන්ග් ඇතුලට එනකොට කඩිගුලක් ඇවිස්සුවා වගේ හැමෝම එලියට දුවන්න ගත්තා. ඒ දිහා උවමනාවෙන් බලපු ටේහ්යොන්ග් ඇතුලට ආවෙ කාගෙන් හරි මොකක්ද උනේ කියල අහගන්න හිතාගෙන.