මේ වෙනකොට ජන්කුක්ගෙ තුවාලය සුව වෙලා තිබුණා. ටේහ්‍යොන්ග් බල කිරීමට ගෙදර හිටියා මිසක් නැත්තං මේ වෙද්දිත් ජන්කුක් වැඩ පටන්ගෙන.
" මතක තියාගන්න මිස්ටර් ජන්කුක්, ඔයා දවසම ඉන්න ඕන ස්ටේෂන් එකේ. එලියෙ වැඩ වලට ඕන කෙනෙක් ගියපුදෙන්. තුවාලෙ හොඳ උනා විතරයි ආයෙ මොකුත් ලෙඩක් නම් දාගන්න එපා"
ගෙදරින් එලියට බහින්න කලින් ටේහ්‍යොන්ග් ජන්කුක් ට උපදෙස් දුන්නෙ පරිස්සම් වෙන විදිය ගැන. ඔලුව වනලා ටේහ්‍යොන්ග් ට එකඟ උන ජන්කුක් කාර් එකේ පැසෙන්ජර් සීට් එකට ගොඩ උනේ වෙලාව බලන ගමන්.
" සීට් බෙල්ට් එක දාගත්තද"?
ජන්කුක් ඒකටත් ඔලුව වැනුවා. ඒත් එකපාරටම ටේහ්‍යොන්ග් ජන්කුක් ගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන ඒ තොල් මතින් හාද්දක් තිබ්බෙ සද්දෙත් ඇහෙන විදියට . බලාපොරොත්තු නොවුන ඒ හාදුවෙන් ජන්කුක් පුදුම උනා.
" පර්ස්සම් වෙන්න තේරුණාද"?
ටේහ්‍යොන්ග් ආයෙම කියද්දි ජන්කුක් ලැජ්ජාවෙන් හිනා උනා.
" මොකද ලැජ්ජාව ආ..., හරියට පලවෙනි පාර වගේ.."
ටේහ්‍යොන්ග් අහන්නෙ ජන්කුක් ගෙ කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරන ගමන්.
ජන්කුක් හිනාව තද කරගෙන ජනේලෙන් එලිය බලාගත්තෙ රතු උන කම්මුල් ටේහ්‍යොන්ග් ගෙන් හංගන්න ඕනවට. ටේහ්‍යොන්ග් කිස් කරන හැම වෙලාවකදිම ජන්කුක් ට දැනුනෙ හරියට ඒ එයාගෙ පලවෙනි හාදුව වගේ තමයි ." අනේ ... කෝලම් කරන්න එපා ඔය හැටි . ළඟකදි ඉදලා මට ඔයා ගැන එක එක දේවල් හිතෙනවා ජන්කුක් .. ඒ නිසා පරිස්සමෙන් "
ජන්කුක් ට ඇහැක් ගහපු ටේහ්‍යොන්ග් කාර් එක ස්ටාර්ට් කරල පාරට දාගන්නකන්ම ජන්කුක් හිතුවෙ ටේහ්‍යොන්ග් කියපු දේ ගැන. ඒ කියන්නෙ ටේහ්‍යොන්ග් දැන් ජන්කුක් ගැන වෙනස්ම විදියකට හිතන්න පටන් අරන්.
ස්ටේෂන් එකට එනකන්ම රතු වෙලා ලැජ්ජාවෙන් ඉදපු ජන්කුක් ගෙ වෙස් පෙරලෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ. පරණ සීතල පෙනුම ආරූඪ කරගත්ත ජන්කුක් කාර් එකෙන් බැස්සෙ ජන්කුක් ගෙ duality එකගැන ටේහ්‍යොන්ග් පුදුම වෙද්දියි.