episode 26

227 47 8
                                    

" අද ජින් හ්‍යොන්ව ඩිස්චාර්ජ් කරනව කිව්වා. තව ටිකකින් එයි ඔයාව බලන්න. අපි බොහොම අමාරුවෙන් නවත්තගෙන හිටියෙ. නැත්තං පොර කකුල කරේ තියන් හරි මෙතන"

හෝසොක් කිව්වෙ හැමෝවම හිනස්සලා. හොස්පිටල් ඉන්නකන්ම ජින් ගෙ සැප දුක බැලුවෙ නම්ජූන් එක්ක හෝසොක්. චීෆ් ජන්ග් කොච්චර විරුද්ධ උනත් හෝසොක්ව නම් එයාට නවත්තන්න බැරි උනා.

" ඒක නෙවෙයි ජන්කුකා.... ජින් හ්‍යොන්ව තනියම ගෙදර යවන්න බෑ ටික දවසක් යනකන්. අපි මොකද කරන්නෙ? මට ගෙදර එක්කන් යන්න බෑ උඹ දන්නවනෙ අප්පා ගැන. අන්තිමට ඒ මනුස්සයගෙ හිත රිදෙන එක විතරයි වෙන්නෙ."

හෝසොක් හැමෝගෙම හිත් වලට ප්‍රශ්නයක් එකතු කරා. කකුල කැඩිලා නිසා ජින්ට කාගෙවත් උදව්වක් නැතුව වැඩ කරගන්න අමාරුයි . සහෝදරයා වෙච්චි බෝගම් එක්ක ජින් කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැති නිසා ජින් ජීවත් උනේ තනියම .

" ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි . අපෙ ගෙදර එක්කන් යමු. කොහොමත් අප්පයි ඔම්මයි ඉන්නවනෙ. අනික මාත් ටික දවසක් නිවාඩු ගන්නවනෙ"

ටේහ්‍යොන්ග් කිව්වෙ කිසිම ගානක් නැතුව.

" ඒක කරන්න බෑනෙ ටේහ්‍යොන්ග්, බබාලා දෙන්නත් ඉන්නවනෙ. අප්පයි ඔම්මයි එයාල ගැන බලන්නත් ඕනනෙ"

ජිමින්ගෙ කතාවට අනික් අයත් එකඟ උනේ ජන්කුක්වත් බලාගන්න වෙන්නේ ටේහ්‍යොන්ග්ට කියල නම්ජූන් ඇරෙන්න අනික් හැමෝම දැනගෙන ඉදපු නිසා.

" මම ජින් හ්‍යොන්ව ටික දවසක් තියාගන්නම්.. "

නම්ජූන් කිව්වෙ හැමෝගෙම කටවල් බාගෙට ඇරෙද්දි.

" ඇයි... පුදුම වෙන්න දෙයක් තියෙනවද ඒකෙ. එදා මම බීලා ඉදපු දවසෙ ඒ මනුස්සයා මට ගොඩක් උදව් කරා . ඉතින් මාත් උදව්වක් කරාම මොනව වෙනවද? ගෙදර වැඩටත් කෙනෙක් ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ"

නම්ජූන් ආයෙමත් පැහැදිලි කරා.

" නෑ... කැප්ටන් ඒක හරියන්නෙ නෑ. කැප්ටන් ඕනවටත් වඩා කරදර උනා මේ ටිකේ. ජින් හ්‍යොන් එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියපුවාවෙ. මම එයා ළඟ නවතින්න කාවහරි හොයන්නම්"

Save meWhere stories live. Discover now