Episode 05

309 51 14
                                    

ජන්කුක් පල්ලියට ආවෙ එයාට උන්න එකම නෑයා වෙච්ච ජින් එක්ක. ජන්ග් වගේම එයාගෙ බිරිඳත් ජන්කුක් ගැන ඕනවටත් වඩා හොයල බැලුවත් ජන්කුක් ගොඩක්ම ලං උනේ ජින්ට.  ජන්කුක් ජින්ගෙ අතේ එල්ලිලා එනව දැක්ක ගමන් ජන්ග් ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටෙ කේන්තියෙන් .

" එපා හනී... ඉදගන්න ... මෙතන කලබල කරන්න එපා. කිම්ලත් ඉන්නවනෙ. ඒ කොල්ලා ආව කියල මෙතන මොකුත් වෙන්නෙ නැ.."

ජන්ග් මහත්මිය එයාගෙ හස්බන්ඩ් ව නැවැත්තුවා .

" ජන්කුක් මොන මගුලකට ඌට එන්න කිව්වද? ඕකුන් නිසා තමයි මෙච්චර දේවල් උනේ. තව ලැජ්ජ නැතුව ඇවිත්නෙ. ඇත්තටම කිම්ලා නිසා ඉවසනව මිසක් නැත්තං මම ඕකව අතුරුදන් කරන්නෙ හොයාගන්න බැරි වෙන්න"

දත්මිටි කාගෙන කේන්තිය පාලනය කරගත්ත ජන්ග් ආපහු ඉදගත්තා .

මේ අතර ටේහ්‍යොන්ග් හිටියෙ නොසන්සුන් වෙලා. එයාට තාමත් ගත්ත තීරණය විශ්වාස නෑ. පිරිමියෙක්ව කසාඳ බැදගෙන ඉස්සරහට මොනව වෙයිද කියල ටේහ්‍යොන්ග් කල්පනා කරා. අඩුගානෙ කපල් එකක් විදියට රඟපාන්න වත් පුළුවන් ද? ඒත් දැන් හැරෙන්න බෑ.. ටේහ්‍යොන්ග් හිත දැඩි කරගෙන හුස්මක් අරන් බැලුවෙ තමන් දිහාට ඇවිදන් එන ජන්කුක් දිහා. ඒත් එක්කම ටේහ්‍යොන්ග් දැක්කා තමන් දිහා කැත විදියට හිනා වෙවී බලන් ඉන්න යුන්ගිව.

කල්පනාවක ඉදපු ටේහ්‍යොන්ග් ගැස්සුනේ එයාගෙ අප්පා එයාට ඇඟිල්ලෙන් අනිද්දි. උනේ මොකක්ද කියල මෙලෝ හසරක් නොදැන ඉදපු ටේහ්‍යොන්ග් ඊළඟට සිද්ධ උන දේ නිසා කලන්තෙ නොදා බේරුනේ අනූනමයෙන් . තමන් කරගත්ත මෝඩකමේ තරම මෙනෙහි කර කර ඉදපු ටේහ්‍යොන්ග් ට ඇහුණෙ නෑ කපල් එක කිස් කරන්න කියනව. ටේ තොලත් හප හපා බිම බලන් ඉන්නව දැක්ක අප්පා අඩියක් ඉස්සරහට තියල ටේහ්‍යොන්ග් ගෙ පිටට ඇඟිල්ලෙන් ඇන්නා. ඒකෙන් පියවි සිහියට ආවත් ටේ දන්නෙ නෑ දැන් මොකක්ද වෙන්නෙ කියල . ඒත් එකපාරටම ජන්කුක් ඉස්සරහට නැමිලා තොල් වලට හාදුවක් දුන්නම ටේහ්‍යොන්ග් බය උනා... සිද්ධිය තේරුම් ගන්නම ටේහ්‍යොන්ග් ට සෑහෙන වෙලාවක් ගියා.

" සොරි කිස් කරන්න උනාට.. හැමෝම බලන් හිටියනෙ... "

ඉඩක් ලැබුණ හැටියෙම ජන්කුක් කියල දැම්මෙ ටේහ්‍යොන්ග් ඒ වෙලාවෙ සෑහෙන කලබල උනා කියල තේරුණ නිසා.

Save meWhere stories live. Discover now