" ටේහ්‍යොන්ග් ... මම මේ අන්තිම වතාවට අහන්නෙ? ගොළුවෙක් වගේ ඉන්නැතුව කතා කරපං මිනිහො"?
යුන්ගි හිටියෙ කේන්තියෙන් . යාළුවෙක් විදියට යුන්ගි ටේහ්‍යොන්ග් ගැන ගොඩක් වද උනා. ඒ වගේම ජන්කුක් ගැනත්.
" මම දන්නෑ යුන්ගියා..."
" මැම ජඤ්ඤෑ තමයි ... මම උඹට කිව්වා මේ මගුලට කැමති වෙනකොටම. උඹ දැන් ඔය කරන වැඩ වලින් ඒ අහිංසකයා උඹ ගැන බලාපොරොත්තු ඇති කරගන්නවා කියල උඹෙ ඔය මෝඩ මොලේට තේරෙන්නෙ නැද්ද හරකො.. "
ටේහ්‍යොන්ග් ආයෙම නිහඬයි.
" මම උඹට කලින්ම කිව්වා මේ දේවල් මෙහෙම වෙයි කියල . ජන්කුක් කියන්නෙ අහිංසකයෙක්. ඌ පිටට පෙන්නන තරම් කෝල්ඩ් මනුස්සයෙක් නෙවෙයි ටේ. ඕනම මනුස්සයෙක් ට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා . මීට ටික කාලෙකට කලින් ජන්කුක් එයාගෙ එක්ස් එක්ක බ්‍රේකප් වෙලා තියෙනවා . ඒක ටිකක් සීරියස් . එහෙම තියෙද්දි උඹත් ඒ කොල්ලට ළං වෙලා උගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක මම කීයටවත් අනුමත කරන්නෑ. අඩුගානෙ උඹ උඹට අවංක වෙයං. උඹ හොඳටම දන්නවා උඹ gay නෙවෙයි කියල . එහෙම එකේ ජන්කුක් ගෙන් ඈත් වෙලා ඉදපං. අර කැප්ටන් කාරයා ජන්කුක් ට කැමති නේද?උඹ පැත්තකට වෙලා උන් දෙන්නට සෙට් වෙන්න දීපං. මේකේ ජිමිනුයි ජෙසිකයි ඇර වෙන කවුරුත් දන්නෑනෙ උඹල දෙන්නා බැඳලා කියල . අනික උඹ ඔහොම එල්ලිලා ඉන්නකොට ඔක්කොම හිතන්නෙ උඹලා දෙන්නා කපල් එකක් කියල . එතකොට වෙන එකෙක් ජන්කුක් දිහා බලයිද? උබට මම මේ පුළුවන් උපරිම විදියට තේරුම් කරේ ටේහ්‍යොන්ග් . ජන්කුක් ට පාඩුවෙ ඉන්න දියං. අනික උඹ ඔහොම ජන්කුක් ට ලං වෙලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ"?
යුන්ගි එකම ප්‍රශ්නෙකටවත් ටේහ්‍යොන්ග් ළඟ උත්තර තිබ්බෙ නෑ. ඒත් ටේහ්‍යොන්ග් ට එක දෙයක් හිතුනා. ජන්කුක් ව ළඟින්ම තියාගන්න ඕන කියල . ඒක සමහරවිට ආත්මාර්ථකාමී තීරණයක් වෙන්න ඇති.ඒත් මොකක්දෝ හේතුවකට ටේහ්‍යොන්ග් ට ජන්කුක් ළඟ පුදුම තරම් සැනසීමක් දැනුනා.
" මට තේරෙන්නෙ නෑ.. මම හිතන්නෙ මට පුළුවන් ජන්කුක් වෙනුවෙන් වෙනස් වෙන්න"
ටේහ්‍යොන්ග් ගෙ උත්තරේට යුන්ගි මහ හයියෙන් හිනා උනා. ටේහ්‍යොන්ග් ට විශ්වාසයි එයා විහිළුවක් කරේ නෑ කියල . ඒ නිසාමයි පුදුමෙන් යුන්ගි දිහා බැලුවෙ.