මාසයක් තිස්සෙ දහදුක් විඳලා හදාගත්ත හිත කෑලි වලට කැඩිලා යන්න ගියෙ තප්පරයයි. ටේහ්යොන්ග් ගෙ නම ඇහුනා වගේම ටේහ්යොන්ග් ව වාරු කරගන්න උත්සාහ කරන නේතන් ව දැක්ක ජන්කුක් ෂොක් උනා වගේ.." හ්යොන් කලබල වෙන්න එපා.... කෝ කෝ... මෙහෙ බලන්න"
ටේමින් ජන්කුක් ගෙ මූණ තමන් පැත්තට හරවගෙන කම්මුල් වලට තට්ටු කරා. මෙතෙක් වෙලා ඉහලට හිර කරගෙන ඉදපු හුස්ම එකපාරටම පහලට දැම්ම ජන්කුක් එයාගෙ වෙව්ලන දුර්වල අතක් දොර දිහාවට එල්ල කරා.
" හරි හරි ... මම උදව් කරන්නම් කෝ... ඔයා හාන්සි වෙන්න"
ජන්කුක් ගෙ හැඟීම් තේරුම් ගත්ත ටේමින් ජන්කුක් ව පරිස්සමට හාන්සි කරවලා දොර දිහාවට දිව්වා.
" අල්ලන්න.."
නේත්න්ගෙත් උදව් ඇතිව ටේහ්යොන්ග් ව උස්සලා අරගෙන රූම් එකේ තිබ්බ අනෙක් ඇඳෙන් හාන්සි කරපු ටේමින් කාමරේ තිබ්බ ඉමර්ජන්සි බට්න් එක එබුවේ කාර්යමණ්ඩලයේ කාව හරි ගෙන්න ගන්න. බොත්තම ඔබපු පමාවට හෙදියක් කාමරේට දුවගෙන එද්දි ටේමින් ජන්කුක් ළඟට ආවා ..
" හ්යොන් ... ඔයා හොඳින් නේද"?
ටේමින් අහද්දි ජන්කුක් කරේ කඳුළු ගලන මූණ හංගගන්න උත්සාහ කරපු එක. ටේමින් එහෙමම එයාගෙ ටී ෂර්ට් එක පොඩ්ඩක් උස්සලා ජන්කුක් ගෙ කම්මුල් පිහදැම්මා.
" be strong හ්යොන්. හැමදේම හරියයි"
ටේමින් මිමිණුවා.
" මෙයා ගොඩක් වීක් වෙලා ඒකයි. සේලයින් එකක් දෙන්න වෙයි. මට හිතෙන්නෙ දවස් ගානකින් හරියට කාලවත් නැද්ද කොහෙද"
ටේහ්යොන්ග් ව පරීක්ෂා කරපු ඩොක්ටර් කියද්දි ජන්කුක් ගෙ කඳුළු අලුත් උනා.
" ඔව් ඩොක්ටර් මෙයා මේ ටිකේ කරදරෙන් ඉන්නෙ"
නේතන් කිව්වෙ ජන්කුක් දිහාත් බලන ගමන්.
" එයා ගැන අවධානෙන් ඉන්න .. ඔහොම ගියොත් අසනීප වෙයි"
ඩොක්ටර් කාමරෙන් පිටවෙද්දි නේතන්ට කිව්වා. ටේහ්යොන්ග් ට සේලයින් එක දෙන අතරෙ නේතන් ජන්කුක් ළඟට ආවා.