episode 35

224 52 24
                                    

ජිමින් උදේ පාන්දර ම හොස්පිටල් එකට ආවෙ අම්මත් එක්ක. කොයිතරම් උත්සාහ කරත් අම්මා ගෙදර දාලා එන්න ජිමින් ට බැරි උනේ ජන්කුක් ඇක්සිඩන්ට් වෙලා කියල දැනගත්ත වෙලාවෙ ඉදන් අම්මට ජන්කුක් ව බලන්න ඕන කියල කරදර කරපු නිසා. ජිමින් ට වගේම ජන්කුක් ටත් වෙනසක් නොකර ආදරේ කරපු අම්මට මේ සිද්ධිය දරාගන්න අමාරු උනා.

" අනේ දෙයියනේ ... අහිංසකයා"

වීදුරු දොරෙන් ජන්කුක් දිහා බලන් ඉදපු  අම්මා කිව්වෙ අඬන ගමන්.

" මොනා කරන්නද ඔම්මා.. අපි හැමෝටම නරක කාලයක් එනවනෙ"

නම්ජූන් කිව්වෙ ඔම්මව සනසන්න කියල හිතාගෙන

" ජිමිනා... අර කෑම ටික මේ දරුවට දීලා ගෙදර යවන්න පුතේ. බලන්න හරිම මහන්සි පාටයි"

රෑ එලිවෙනකන්ම පුටුවක ඉදගෙන ජන්කුක් ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඇහැරලා ඉදපු නම්ජූන් ගෙ පෙනුම ගොඩක් වෙහෙසකර එකක් උනා. ඉක්මනින් ම ජිමින්  අම්මා උයලා දුන්න කෑම එක වතුර බෝතලෙත් එක්කම නම්ජූන් අතට දුන්නෙ තව දුරටත් නම්ජූන් ව ඒ විදියට තියන්න බැරි නිසා.

" කැන්ටින් එකට ගිහින් කාලම යන්න සර්... ඊයෙත් හරියට කෑමක් තිබ්බෙ නෑනෙ.. අනික සර්... ජින් හ්‍යොන්ට මේ ගැන කිව්වද"?

" නෑ.... ජිමින්  හොදටම දන්නවනෙ ඒ දෙන්නගෙ සම්බන්ධය ගැන. ජන්කුක් මේ තත්වෙන් ඉන්නව කියල කිව්වම එයා කොහොම හැසිරෙයිද දන්නෙ නෑනෙ. මම එයාව හම්බවෙලාම කියන්නම්. "

" ඒක හොදයි. ජින් හ්‍යොන් ගොඩක් සෙන්සිටිව් කෙනෙක්නෙ. සර් මෙතන ආරක්ෂාවට දෙන්නෙක් ඉල්ලන්න. අපි තාම වෙච්ච සිද්ධිය හරියට දන්නෙ නෑනෙ. අනික අපිට හැම වෙලාවෙම මෙතන ඉන්නත් බෑ.. අඩුගානෙ ජන්කුක් ස්ටේබල් වෙනකන්වත්"

" අනිවාර්යයෙන්ම ..  මම චීෆ්ට කතා කරන්නම්"

නම්ජූන් එක්කම ඔම්මවත් යවපු ජිමින්  icu එක ඉස්සරහ පුටුවකින් ඉදගත්තෙ ඩොක්ටර් එනකන්. රෑ පුරාම හරියට නින්දක් නැති නිසා ජිමින් ගෙ ඔලුවට බර ගතියක් දැනෙන්න ගත්තා.

" ඩොක්ටර් .... කොහොමද දැන් පේෂන්ට්ට?"

ජන්කුක් ව පරීක්ෂා කරලා ආව හැටියෙ ජිමින් ඩොක්ටර් ගෙන් ඇහුවා.

Save meWhere stories live. Discover now