" කව්ද වූෂික් හම්බ වෙන්න යන්නෙ?"
ජන්ග් ඇහුවෙ හදිසියේම කැබින් එකට කඩා වැදිලා.
" මම යන්න හිතාගෙන ඉන්නෙ චීෆ්."
නම්ජූන් උත්තර දුන්නෙ බිම බලාගෙන .
" ඒක හොඳයි. DI පාර්ක්වත් එක්කන් යන්න. Prosecutor මින් යනවනෙ එයාල එක්ක"?
ජන්ග් අහන්නෙ පුරුවෙම නිදි කිරන යුන්ගිගෙන්. අඩ නින්දෙ ඉදිද්දී තමන්ගෙ නම ඇහෙනවත් එක්කම යුන්ගි උඩ විසිවුනා.
" අහ්ම්.... ඔව් ඔව්"
ජන්ග් කිව්වෙ මොනවද කියලවත් නොදැන යුන්ගි ඔව් කියපු විදියට ජිමින් ට එයාගෙ හිනාව නවත්තගන්න බෑ.
" හ්ම්... හොදයි .. කරගෙන යන්න"
ජන්ග් ඒ විදියට කියල කැබින් එකෙන් පිට උනේ ටේහ්යොන්ග් වගේම ජන්කුක් වත් ගණන් ගන්නෙ නැතුවම. ඒක ඒ දෙන්නට වගේම අනික් අයටත් හොඳට තේරුණා.
" ඔය දෙන්නා ගෙවල් වලට ගිහින් රෙස්ට් එකක් අරන් එන්න. තාම ඊයෙ ඇඳුම් පිටින්මනෙ ඉන්නෙ"
නම්ජූන් කිව්වෙ දෙන්නට ඇති උන අපහසුතාවය අඩු වෙයි කියල හිතාගෙන.
" අහ් ඕන නෑ කැප්ටන් . Forensics රිපෝට් ආවම ඒවා ගැන බලන්නත් ඕනනෙ"
" ඒවට තව පරක්කු වෙයි .. ඒ නිසා ගිහින් එන්න. අනික රිපෝට්ස් ආවට පස්සෙ තව මොන මොන වැඩ තියෙයිද කියල කව්ද දන්නෙ"
නම්ජූන් කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා කියල හිතපු ජන්කුක් හිතුවා ගෙදර ගිහින් එන එක හොඳ අදහසක් කියල. බබාලා දෙන්නත් තාම ටේහ්යොන්ග් ගෙ අම්මලගෙ ගෙදර ඉන්න නිසා ඒ දෙන්නත් බලල එන්න පුළුවන් කියල ජන්කුක් කල්පනා කරා.
" ගෙදර ගිහින් එමු එහෙනම්. බබාල දෙන්නත් බලලම ආවැකිනෙ."
තමන්ගෙ ළඟ ඉදගෙන ෆෝන් එකේ මොනාහරි වැඩක යෙදිලා ඉන්න ටේහ්යොන්ග් ගෙ බාහුවකට ජන්කුක් ඇඟිල්ලෙන් ඇන්නා
" යමු.. බබාල දෙන්නා එහෙ හිටපුවාවෙ. දැන් බලන්න ගියොත් සූබින් ගෙදර එන්න අඬයි. "
ටේහ්යොන්ග් කිව්වෙ සූබින්ගෙ හුරතල් මූණ මතක් කරගෙන සුසුමක් හෙලන ගමන්.