"සර්.. pathology රිපෝට් එක ආවා . ඒකට අනුව මරණය සිද්ධ වෙලා තියෙන්නෙ අඟහරුවාදා පාන්දර දෙකත් හතත් අතර"ජිමින් තමන්ගෙ අතේ තියෙන ලිපිගොනුව ජන්කුක් දිහාවට දිගු කරේ ජන්කුක් ගෙ මේසෙට යාබදව තිබුණ පුටුවෙන් වාඩිවෙන ගමන්.
" මරණයට හේතුව හුස්ම හිරවීමක් කියල තියෙන්නෙ . එතකොට මේ මනුස්සයා මැරුණට පස්සෙ තමයි ඔලුවට හානි කරල තියෙන්නෙ "
ජන්කුක් කිව්වෙ තමන්ගෙ සම්පූර්ණ අවධානයම ලියවිල්ල දිහාවට යොමු කරගෙන.
" ඔව්..සමහරවිට මිනීමරුවා ඒක පොලිසිය නොමග යවන්න කරා වෙන්න පුළුවන් . එහෙම නැත්තං බොඩි එක ගේනකොට අනතුරක් උනා වෙන්නත් පුළුවන් "
" ඔව්... DNA මොකුත් හම්බවෙලා නැද්ද "?
" නෑ සර්.... "
" එක්ස්ක්යුස් මී සර්"
දොරට තට්ටු කරපු තවත් නිලධාරියෙක් නිසා ජන්කුක් ගෙ අවධානය යොමු උනේ ඒ දිහාවට.
" සර්... මේ තියෙන්නෙ මේ සතියෙ අතුරුදන් උන අය ගැන පැමිණිලි සටහන් වාර්තාව. මේකට අනුව දෙන්නෙක් විතරයි අපිට මැරුණ කෙනා විදියට සැක කරන්න පුළුවන් . එක්කෙනෙක් තමයි ජී වොන්, අනික් කෙනා මින් සොක්, ඒ දෙන්නගෙ විස්තර වෙනම අමුණලා තියෙනවා ."
" තෑන්ක්ස් මිස්ටර් ලී, ඇයි දෙන්නෙක් විතරක්? තව අනික් අය අයින් කරන්න පුළුවන් ද අපිට"?
ජන්කුක් ලී අතේ තිබුණ ලිපිගොනුවත් මේසය උඩින් දිගෑරල තිබ්බා.
" තව තුන් දෙනෙක් ඉන්නව සර්... ඒකෙන් දෙන්නෙක්ම ගෑනු අය. අනික් කෙනා ආපහු ගෙදර ඇවිත් තියෙනවා . ඔය කලින් කියපු දෙන්නා තමයි මැරුණ කෙනාට සමාන වයසක් තියෙන දෙන්නා"
" හොඳයි මිස්ටර් ලී.. ඔයාට යන්න පුළුවන් "
එතනින් එහාට ජන්කුක් නිහඬවම ලිපිගොනු එක්ක ඡායාරූප පරීක්ෂා කරා පැය බාගයක් විතර. එක පාරටම නැගිටපු ජන්කුක් කලබලෙන් යන්න ගියෙ ජිමින්ට හිතාගන්න වත් වෙලාවක් නොතියා.. ජිමිනුත් තමන්ට පුළුවන් වේගෙන් ජන්කුක් පස්සෙ දිව්වෙ ජන්කුක් යන්නෙ කොහෙද කියලවත් අදහසක් නැතුව.