episode 06

316 48 2
                                    

" අංකල්... අද අපිව ස්කූල් එක්කන් යන්නකො ...."

ජන්කුක් ලෑස්ති වෙලා පහලට එනකොට සූබින් කිව්වෙ ටේහ්‍යොන්ග් ගෙ අප්පා දැනටමත් එයාලව ස්කූල් එක්කන් යන්න ලෑස්ති වෙලා ඉදිද්දී .

" ඒත් සීයා...."?

" සීයා හැමදාම එක්කන් යනවනෙ. අද ඔයා... ප්ලීස් අංකල්"

සූබින් ඇදල පැදලා කියද්දි ජන්කුක් හිනා උනා.

" අංකල් නෙවෙයි සූබී... එයත් දැන් ඔයාගෙ පපා කෙනෙක්. අමතකද? "

ටේහ්‍යොන්ග් ගෙ අප්පා කිව්වෙ සූබින් ගෙ වගේම යොන්ජුන් ගෙත් ඔලුව අතගාන ගමන්.

" ඔහ්... සොරි.. අමතක උනානෙ..  ඒ උනාට පපාල දෙන්නෙක් ඉන්නවනෙ. එතකොට පැටලෙයිනෙ"

" හලී... අපි මෙයාට බනී පපා කියමු.  එතකොට හරි..යුන්ගි අංකල් කිව්වා ඔයා බනී කෙනෙක් වගේ කියල "

යොන්ජුන් සූබින්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ උඩපනින ගමන්.

" නෝ...නෝ... එහෙම ..."

" ඒකට කමක් නෑ අප්පා..."

මිස්ටර් කිම් එයාලට පැහැදිලි කරන්න ලෑස්ති උනත් ජන්කුක් එයාව නැවැත්තුවා .

" ඕකේ... බෝයිස් .. අපි යමු.. නැත්තං බනී පපාට පරක්කු වෙනවා . අප්පා ඔයත් එනවද? මට කාර් එකක් නෑනෙ.. මෙයාලව ස්කූල් එකෙන් දාලා පපාට කාර් එක අරන් එන්න පුළුවන්නෙ"

ජන්කුක් එයාගෙ කාර් එක විකුණලා දැම්මෙ සෑහෙන කාලෙකට කලින්. සමහර වෙලාවට ජන්ග් ළඟ තිබ්බ හෝබිගෙ කාර් එක ජන්කුක් පාවිච්චි කරත් ගොඩක් වෙලාවට ජන්කුක් ගමන් බිමන් ගියෙ එයාගෙ මෝටසයිකලෙන්.

" ඕක මොකක්ද පුතා.. අපි යමු"

හතරදෙනත් එක්ක පිටත් වෙද්දි තාමත් නිදිමතේ වැනෙන ටේහ්‍යොන්ග් ඒ දිහා බලන් හිටියෙ පුංචි හිනාවකුත් එක්ක.

At the police station
----------------------

" ඕ.... හෝ...... මනමාලයා ... මෙච්චර ඉක්මනින් ආවද? සතියක් වත් නිවාඩු ගන්නෙපෑ..."

" මම සතියක් නිවාඩු ගත්තම මෙතන වැඩ කරන්නෙ උඹද"?

ආව ගමන්ම තමන්ව විහිලුවට ගන්න ලෑස්ති උන ජිමින්ගෙන් ජන්කුක් ඇහුවෙ පෑනකින් දමලා ගහන ගමන්. ජිමින් එක්ක තරමක් සමීප ආශ්‍රයක් තිබ්බත් ජන්කුක් මිනිස්සු ඇසුරු කරේ සෑහෙන පරිස්සමට . රාජකාරියෙදි ඉතාම නිහඬ චරිතයක් උන ජන්කුක් ගෙ හිනාවක් දැකපු නැති ඕනතරම් අය ස්ටේෂන් එකේ ඉන්නවා. රාජකාරි ප්‍රශ්නයක් ඇරෙන්න කිසිම පෞද්ගලික ප්‍රශ්නයකට ජන්කුක්ගෙන් පිලිතුරක් ලැබෙන්නෙ ඉතාම කලාතුරකින් .  එහෙම ලැබෙනව නම් ඒ chief superintendent ජන්ග්, ජිමින්, ජෙසිකා වගේ ඉතාම සීමිත කිහිපදෙනෙක්ට විතරයි . ඒ නිසාම ගොඩක් අය ජන්කුක් ව හැඳින්වුයේ සීතල පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට.

Save meWhere stories live. Discover now