" ටේහ්යොන්ග් ... නැගිටින්න.. අපිට දැන්ම යන්න වෙනවා... "ජන්කුක් පාන්දර ඇහැරුනේ ජිමින්ගෙ කෝල් එක නිසා. ඉක්මනින් ඇඟපත සෝදගෙන ටේහ්යොන්ග් ව ඇහැරවපු ජන්කුක් ජින්ව හොයාගෙන කැෆේ එකට ගියෙ කැෆේ එක තාම ඕපන් කරල නැතත් ජින් වැඩ පටන් අරන් කියල දන්න නිසා.
" හ්යොන්.. අපිට හදිසියේම ස්ටේෂන් එකට යන්න වෙනව. ඔයාගෙ වාහනේ ගන්නද? හැබැයි එකක්. ටේහ්යොන්ග් ගෙ කාර් එක පාවිච්චි කරන්න එපා . මේක ආපහු එවනකන් හදිසියක් නම් ටැක්සි එකක් ගන්න හරිද"?
" ඔයාල ඒ කියන්නෙ මොකක් හරි මගෝඩි වැඩකට ඊයෙ ගියෙ එහෙම නේද? රතු වෙලා ගෝමර දාල තියෙනකොට මම හිතුවෙ ඩේට් එකක් කියල . මේ බලනව.. තොල් තාම ඉදිමිලා "
ජින් උදේ පාන්දර ම විහිළු කරද්දි ජන්කුක් ලැජ්ජාවෙන් රතු උනත් ඒවට උත්තර බඳින්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ නිසාම ජින්ව වැළඳගෙන සමු දුන්න ජන්කුක් ආයෙම කාමරේට ගියෙ ටේහ්යොන්ග් ලෑස්තිද බලන්න. ජන්කුක් යද්දිම ෂර්ට් එකේ බොත්තම් දාල ඉවර උන ටේහ්යොන්ග් එයාගෙ සපත්තු දෙක දාගෙන ජන්කුක් එක්කම කාමරෙන් එලියට ආවා..
" ජින් හ්යොන්ට කිව්වද"?
" ඔව්. එයාගෙ කාර් එකේ අපි යන්නෙ. එන්න බැක් ඩෝ එකෙන් යමු"
ජන්කුක් ටේහ්යොන්ග් ගෙ අතින් අල්ලගත්තෙ අඳුරු පඩිපෙල ටේහ්යොන්ග් ට හුරු නැති නිසා. විනාඩි පහලවක් යද්දි දෙන්නට ස්ටේෂන් එකට එන්න පුළුවන් උනා. මේ වෙද්දිත් අනික් හැමෝම වගේ මීටින් එකට ඇවිත් තිබුණ නිසා ඒ දෙන්නා ආව හැටියෙම forensics department එකේ අය එයාලගෙ වාර්තා එක්ක මරණ සිදු වෙලා තියෙන හැටි විස්තර කරා.
" එක බොඩි එකක නියපොත්තක තිබිලා ලැබුණ හම කොටසක් අපි DNA පරීක්ෂාවකට ලක් කරා. මේ තියෙන්නෙ ඒ රිසල්ට්.."
නේතන් ඊළඟ වාර්තාව තිරයට යොමු කරද්දි ජන්කුක් ඉබේටම පුටුවෙන් නැගිට්ටුණා.
" මොනවා මින් සොක්"
" ඔව්... අපිට හරියට කියන්න බෑ මිනීමැරුම් මිනිහා කරාද කියල . ඒත් මේ වෙලාවෙ අපිට තියෙන එකම සාක්ෂිය ඕක විතරයි "