" මේ මිනීමැරුම් සිද්ධ වෙලා තියෙන්නෙ පාතාල කණ්ඩායම් දෙකක පලිගැනීම් විදියට. "
" DCI ජන්කුක් කියනව නම් ඇත්ත කියල පිලිගන්න වෙනවා. අන්ඩවර්ල්ඩ් එක ගැන එයා තරම් දන්න කෙනෙක් නෑනෙ. අනික මේ වෙද්දිත් මේ ගැන ඔත්තුවක් අනිවාර්යයෙන්ම ලැබිලා ඇති."
කැප්ටන් නම්ජූන් ආයෙම ජන්කුක් ගෙ කේන්තිය ඇවිස්සුවා.
" මම හිතන්නෙ ඒකට තියෙන්න ඕන හොඳ මොලයක්. එහෙම නැති අයට නම් අනික් අයගෙ ඔත්තු වගේම උදව් ඕන වෙයි... . Can I continue ?
මියගිය අය ඔක්කොම පහලවක්. මේ පහලොස් දෙනාම එකම කණ්ඩායමේ අය. ඒ බව ඔප්පු කරන්න පුළුවන් එකම වගේම බලවත්ම සාක්ෂිය මේක...විශාල තිරයෙ තිබුණ ඡායාරූපය දැක්කම ගොඩක් අයට ඉහල ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා.
" මේ ටැටූ එක මියගිය පහලොස් දෙනාගෙම ශරීර වල සටහන් වෙලා තියෙනවා . ඒ වගේම ඒක බ්ලැක් පැන්තර් පාතාල කණ්ඩායමේ ලාංඡනය කියල තහවුරු වෙලා තියෙනවා .. ඝාතනයට ලක් උන කණ්ඩායම හොයාගන්න පුළුවන් උනාට ඝාතනය සිද්ධ කරපු අය කව්ද කියන්න තවමත් සාක්ෂි නෑ. අපරාධ ස්ථානය අවට CCTV footage වලින්, වාහන වල ටයර් සලකුණු ඔස්සේ අපි දිගටම පරීක්ෂණ කරගෙන යනවා ."
මේකෙන් සාමාන්‍ය ජනතාවට වෙන හානිය අඩුයි. ඒත් අවධානමක් තියෙනවා . මොකද එක කණ්ඩායමක අය මේ විදියට ඝාතනය වෙද්දි ඒකෙ පලිගැනීම විදියට අනිවාර්යයෙන්ම තව මිනීමැරුම් ඉස්සරහට සිද්ධ වෙයි. ඒකෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්
ජන්කුක් එයාගෙ කතාව අවසන් කරේ ඒ විදියට . මුළු කන්ෆරන්ස් රූම් එකම මීයට පිම්බා වගේ නිහඬයි. ඒ නිහඬකම මැද්දෙ ටේහ්‍යොන්ග් ගෙ හදවත වේගෙන් ගැහෙමින් තිබ්බා. ඒ එයාගෙ හස්බන්ඩ් ජන්කුක් වෙනුවෙන්. ජන්කුක් ගෙ පෞරුෂය වගේම හැසිරීම ටේහ්‍යොන්ග් ගෙ හිතේ ඇති කරේ ආඩම්බරයක්. ගෙදරදි හුරතල් වගේම අහිංසක පෙනුමක් තිබ්බ ජන්කුක් පිටතට මෙහෙම ඇති කියල ටේහ්‍යොන්ග් හීනෙන්වත් හිතුවෙ නෑ.
" මීඩියා වලින් හිතෙන හිතෙන බොරු ප්‍රචාරය කරනව. ඒ නිසා අපි ඉක්මනට මීඩියා කන්ෆරන්ස් එකක් කැඳවලා මේක බ්‍රීෆ්ලි දෙන්න ඕන. නැත්තං මිනිස්සු උනත් පැනික් වෙලා කලබල ඇති කරන්න පුළුවන්. "