episode 39

289 45 24
                                    

ටේහ්‍යොන්ග් උදේම නැගිටලා ලෑස්ති උනේ හරිම උනන්දුවෙන්. ජිමින් ඇවිත් ගියාට පස්සෙ ටේහ්‍යොන්ග් ගෙ හිතට හොඳයි . එයා ඒ ගැන ජිමින් ට ස්තූතිවන්ත උනා.

" කෝ පැටව් දෙන්නා ලෑස්තිද?"

ටේහ්‍යොන්ග් ඇහුවෙ පහලට තියෙන පඩි දෙකතුන බහින ගමන්. ඉස්සර වගේ අම්මලා එන්නෙත් නැති නිසා ටේහ්‍යොන්ග් ට සිද්ධ උනා බබාලව ඉස්කෝලේ එක්කන් යන්න. නමට විතරක් උන්න නිකී කාමරේට වෙලා උදේ ඉදන් රෑ වෙනකන් මොනව කරනවද කියල කවුරුත් දැනගෙන හිටියෙ නෑ. අජුම්මගෙ උදව්වෙන් ලෑස්ති උන බබාලා දෙන්නත් එක්කගෙන ටේහ්‍යොන්ග් පිටත් උනා. බබාලා දෙන්නව ඉස්කෝලේ ට දාලා ටේහ්‍යොන්ග් පිටත් උනේ ඔෆිස් එකට. ඔෆිස් එකේ වැඩ ඉක්මනින් ඉවර කරපු ටේහ්‍යොන්ග්ගෙ ඊළඟ රාජකාරිය උනේ ජන්කුක් ව බලන්න යන එක. ටේහ්‍යොන්ග් දන්නවා ජන්කුක් තමන් එක වචනයක් වත් කතා නොකරන බව, ඒ උනාට ටේහ්‍යොන්ග් තමන්ගෙ උත්සාහය අත් හැරියෙ නෑ. මාස ගාණක් තිස්සෙ හැමදාම හවසට ජන්කුක් ව බලන්න හොස්පිටල් එකට ටේහ්‍යොන්ග් ගියා. ඒ හැම දවසකම කාටවත් ඇඟෙව්වෙ නැතත් ජන්කුක් ටේහ්‍යොන්ග් එනකන් දොර දිහා බලගෙන හිටියා.

මාස තුනකට පස්සෙ තවත් ඒ වගේම දවසක ටේහ්‍යොන්ග් ජන්කුක් ව බලන්න ගියත් එදා ජන්කුක් ගෙ කාමරය හිස් වෙලා තිබුණා. නර්ස් කිව්වෙ ජන්කුක් ඩිස්චාර්ජ් වෙලා කියල . ටේහ්‍යොන්ග් ගෙ හිතට සතුටක් දැනුනත් ඒ සතුට මොහොතකින් නැති වෙල ගියෙ ජන්කුක් ඉන්න තැනක් ගැන කොහේවත් සඳහනක් නැති වෙද්දි. ජන්කුක් කලින් ඉදපු ගෙදරට ගිහින් බැලුවත් ඒ මුළු ගෙදරම පාලුවට ගිහින් තිබුණා . ටේහ්‍යොන්ග් ට දැනගන්න ලැබුනෙ ජන්කුක් ගොඩක් ආදරය කරපු රැකියාවත් එයා අතෑරලා කියන ආරංචිය. හිතේ කරදරෙන් ජීවත් වෙන්න  ගත්ත ටේහ්‍යොන්ග් ගෙ පිහිටට උන්නෙ ජිමින් විතරයි .

" කට්ටියම ලෑස්ති වෙන්න ස්පෙෂල් මීටින් එකක් ලෑස්ති කරලා තියෙනවා isis ( international security
Intelligence service) එක වගේම ආරක්ෂක අමාත්‍යාංශය , එක්ක. ඔයාලා දැනටමත් දන්නවනෙ සිද්ධ වෙච්චි දේවල් එක්ක රටේ තියෙන තත්වය ගැන.  නොවිසඳුන මිනීමැරුම් , අගමැතිතුමාගෙ පුතා පැහැරගැනීම වගේම අපිට එල්ලවෙන්න තියෙන ප්‍රහාරයක් ගැනත් බුද්ධිඅංශ වාර්තා කරලා තියෙනවා . ඒ නිසා සෑහෙන වගකීමකින් වගේම අවධානෙන් ඉන්න . අපෙ special crime squad  එකේ හැමෝම සහභාගී වෙන්න ඕන මේකට. Prosecutor මින්, කිම් මිස් හන් ඇතුළු ඔක්කොම ."

Save meWhere stories live. Discover now