ජන්කුක් ව අරගෙන හොස්පිටල් ගියාටත් ටික වෙලාවකට පස්සෙ තමයි පියවි සිහියට ආව බෝගම් දැක්කෙ වූෂික් පැනගෙන කියල . කේන්තියෙන් අතමිට මොලවගෙන එතනින් එලියට ආව බෝගම් කල්පනා කරේ ජින් වගේම ජන්කුක් ගැන. මේ වෙද්දිත් හැමෝම වගේ හොස්පිටල් එකේ පිරිලා ඇති කියල හිතුනත් අඩුමගානෙ තමන්ගෙ සහෝදරයා බලන්නවත් යන්න ඕන කියන හැඟීම හිතට වද දුන්න නිසාම බෝගම් හොස්පිටල් එකට යන්න පිටත් උනේ ටිකක් රෑ වෙලා.
වාසනාවකට වගේ ජින් ඉන්න හොස්පිටල් රූම් එකේ ඒ වෙලාවෙ කවුරුත් හිටියෙ නෑ. ඒ නිසාම තාමත් නින්දෙ ඉන්න ජින්ව බලලා ජින්ගෙ තත්වය ගැන විස්තරත් දැනගෙනම බෝගම් හිතුවෙ ජන්කුක්වත් බලලම යන්න. බෝගම් ට දැනගන්න ලැබුනෙ ජන්කුක් ට තාමත් සිහිය ඇවිත් නැති නිසා සිහිය එනකන් ICU එකේ ප්‍රතිකාර කරනව කියල. වූෂික් එක්ක දැවෙන කේන්තියෙන් කාටවත් අඳුරගන්න බැරිවෙන විදියට මාස්ක් එකකුත් එක්ක කැප් එකත් දාගත්ත බෝගම් සාක්කුවෙන් ගත්ත කන්නාඩි කුට්ටමත් පැලදගෙන ICU එක පැත්තට ගියෙ කොහොම හරි ජන්කුක් ව බලලම යනව කියන අධිෂ්ඨානයෙන්. බෝගම් යනකොටත් ටේහ්‍යොන්ග් ජිමින්ගෙ ජැකට් එක පිටින් අත පයේ ලේ පැල්ලම් එක්ක ICU එක ඉස්සරහ පුටුවක ඔහේ ඉදගෙන හිටියා. ඒත් එක්කම වගේ ඩොක්ටර් ICU එකෙන් එලියට ආව නිසා ටේහ්‍යොන්ග් නැගිටලා ඩොක්ටර් ළඟට දිව්වෙ ජන්කුක් ගැන අහන්න.
" ඩොක්ටර් ... කොහොමද එයාට"?
ටේහ්‍යොන්ග් ගෙ කටහඬ පැහැදිලිවම බෝගම්ට ඇහුණා.
" පේෂන්ට් ට සිහිය ආවා. එයාගෙ අභ්‍යන්තර අවයව වලට හානි වෙලා මිස්ටර් . ඒ තුවාල වලට ප්‍රතිකාර කරන්න ඔපරේෂන් එකකුත් කරන්න උනා. ඒ නිසා පේෂන්ට් ට ගොඩක් විවේකය අවශ්‍යයි . අපි නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ . බය වෙන්න එපා . එයා හොඳ අතට හැරෙනවා. උදේ වෙනකොට රූම් එකකට මාරු කරන්න පුළුවන් "
ටේහ්‍යොන්ග් ගෙ උරහිසට තට්ටුවක් දාපු වෛද්‍යවරයා පිටවෙලා යද්දි ටේහ්‍යොන්ග් සැනසුම් සුසුමක් හෙළුවා. ඩොක්ටර් ගෙ වචන වලට ඇහුම්කන් දීපු බෝගම් එහෙමම පුටුවට කඩන් වැටුනෙ ජන්කුක් ට ඒ තරම් අමාරු ඇති කියල දැනගෙන ඉදපු නැති නිසා. වූෂික් ගැන දැනුන වෛරය තව තවත් වැඩි වෙන්න ඒක හේතුවක් උනා.