episode 07

287 50 14
                                    

ජන්කුක් ගෙදර ආවෙ ඔලුවෙ කැක්කුමක් එක්ක. සාමාන්‍යයෙන් මේ වගේ කේස් එකක් ආවම ජන්කුක් රෑට ස්ටේෂන් එකේ ඉන්නව. ඒත් දැන් ටේහ්‍යොන්ග් ගෙ අම්මල වගේම චීෆ් ජන්ගෙත් බලකිරීමට ජන්කුක් ගෙදර ආවා.
දවල් ඉදලම හරිහැටි කෑමක් නොතිබුණු නිසා කෝපි එකක් බොන්න කියල හිතාගෙන ජන්කුක් වොෂ් එකකුත් දාගෙන කුස්සියට ආවත්

" අත තියෙන්න එපා කිසිම දේකට"

වතුර එකක් උණු කරන්න කියල ලෑස්ති වෙනකොට ම ඇහුන කටහඬ නිසා ජන්කුක් පොඩ්ඩක් තිගැස්සුණා .

" මේක මගෙ කුස්සිය . ඒකට එන්නෙ කව්ද නැත්තෙ කව්ද කියල තීරණය කරන්නෙ මම. මම කැමති නෑ පිට උන් මේවට රිංගනවට. ටේ බේබි උනත් ඒවට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. ඒ නිසා කරුණාකරල යනව කුස්සියෙන් එලියට . තමුන්ට කිසිම අයිතියක් නෑ මේවගෙ. මීට පස්සෙ මේ කුස්සියෙ හැදෙන කිසිම දෙයක් තමුන්ට ලැබෙන්නෙ නෑ.. තේරුණා ද? අනික් දේ තමයි මේවා ටේ බේබිට කියන්න හිතන් ඉන්නව නම් ඒ අදහස අතාරිනව. මොකද මම මේකෙ ඉන්නෙ එයා ඉපදෙන්නත් කලින්. ඒ නිසා කිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ"

ජන්කුක් ට හිතාගන්න බැරි උනා මොහොතකට. එයා හිතුවෙ අජුම්මා කරුණාවන්ත කෙනෙක් කියල .අජුම්මා මේ විදියට එයාට සලකයි කියල ජන්කුක් බලාපොරොත්තු උනේ නෑ. සිද්ධ උන දේවල් හිතාගන්න පොඩි කාලයක් ගියත් ජන්කුක් හිතුවා බොරුවට ප්‍රශ්න දාගන්න ඕන නෑ කියල . සමහරවිට එයා තමන් ගැන වැරදි වැටහීමකින් ඇති කියල හිතුව ජන්කුක් නිහඬවම ආපහු කාමරේට ගියෙ එලියට ගිහින්ම කෝපි එකක් බොනව කියල හිතාගෙන. ඒත් ඇඳ දැක්කම කෝපි බොනවට වඩා නින්දක් දැම්මා නම් හොදයි කියල ජන්කුක් ට හිතුනා.

අජුම්මා කියන්නෙ ටේහ්‍යොන්ග් ඉපදෙන්නත් කලින් කෙල්ල කාලෙ ඉදන් ටේහ්‍යොන්ග් ගෙ තාත්තගෙ පව්ලෙ වැඩ කරපු කෙනෙක්. වැඩ කරන ගමන් ඉගනගෙන විවාහයක් කරගත්තත් විවාහය දෙකඩ උනේ අජුම්මගෙ හස්බන්ඩ් ට අනියම් සම්බන්ධයක් තිබුණ නිසා. ඒ වගේම අජුම්මා තනියම උස් මහත් කරගත්ත දුවගෙ විවාහය දෙදරලා ගියෙ දුවගේ හස්බන්ඩ්ටත් සමලිංගික අනියම් සම්බන්ධයක් තිබුණ නිසා. එදා ඉදන් අජුම්මා සමලිංගික අයට වෛර කරා. සුළු කොටසකගෙ වැරදි හින්දා අජුම්මා සමස්තයටම වෛර කරා. ඒ නිසාම තමයි ජන්කුක් ව අජුම්මට පේන්න බැරි. අජුම්මට ඕන ජන්කුක් ව ගෙදරින් එලවලා දාන්න. ජන්කුක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන උනත් ජන්කුක් නිහඬවම පසුබැස්ස එක අජුම්මට තවත් කේන්ති ගන්න කාරණයක් උනා.

Save meWhere stories live. Discover now