එදා මීටින් එකෙන් පස්සෙ ජන්කුක් ගැන ගොඩක් දේවල් හොයාගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක් යන එන තැන් වලින් මතු වෙන්න ගත්තෙ ජන්කුක් ව පුදුම කරලා. අඩුමගානෙ ජන්කුක් ට නිදහසේ කැෆේ එකකට ගිහින් කෝපි එකක්වත් බොන්න බැරි උනා. යටිහිතින් ඒ දේවල් වලට ජන්කුක් පුදුම තරම් ආස කරත් ඒ හැම වෙලාවකම ජන්කුක් හදවතින් හඬාවැටුනෙ ආයෙත් පරණ ජීවිතේට යන්න බෑ කියල දන්න නිසා.
ජන්කුක් වෙනදා වගේම රහසිගත මෙහෙයුමකට එලියට බැස්සෙ වටපිටාව හොදින් අධ්‍යයනය කරන ගමන්. සරාගී විදියට හැඩ වෙලා උන්න ජන්කුක් එයාට අලුතින්ම ලැබුණු මිල අධික වාහනයට ගොඩ උනේ එයාගෙ ඉලක්කය වෙලා ඉන්න කෙනා මුණගැහෙන්න යන්නයි. කාර් එකට නැගපු ජන්කුක් සද්දෙට සින්දුවකුත් දාගෙන තරමක වේගෙන් කාර් එක පැදෙව්වෙ චරිතයට ආරූඪ වෙන ගමන්. අන්තිමේදි එයාගෙ නැවතුම වෙච්චි සමාජශාලාවට ජන්කුක් ඇතුළු උනේ ඒකෙ ඉදපු ආරක්ෂක නිලධාරියාට සුහදශීලී විදියට තට්ටුවකුත් දාගෙනමයි.
සුපුරුදු පරිදි එයාගෙ පියර්සින් එක හපන ගමන් වටපිටාව ස්කෑන් කරපු ජන්කුක් බාටෙන්ඩර් දිහාවට ඇවිදන් ගියා. බාටෙන්ඩර්ට හිනාවෙලා සුපුරුදු විදියට එයා කැමති මාගරිටා එකක් ඕඩර් කරපු ජන්කුක්ට එයා හොයපු කෙනාව අහම්බෙන් වගේ දකින්න ලැබුණා .සති ගානක මහන්සියෙ ප්‍රතිඵල සතුටුදායක එකක් කියල මතක් වෙද්දි මූණට ආව හිනාව එක්කම ජන්කුක් එයා ඕඩර් කරපු මාගරිටා එක හිස් කරා. කොන්ඩෙ අතින් හදන ගමන් ජන්කුක් ඉස්සරහට ඇදුනෙ එයාගෙ ප්ලෑන් එකේ ඉතුරු කොටස ක්‍රියාත්මක කරන්න.
" ඔහ්... සොරි... "
ජන්කුක් ආචාර කරන ගමන්ම කිව්වෙ තමන්ගෙ ඇඟේ හැප්පුණ කෙනාට. ඒ කෙනත් හිනාවෙලා ආපිට ආචාර කරද්දි ජන්කුක් කට කොනින් හිනාවෙලා අඩි කිහිපයක් ඉස්සරහ තිබුණ සෝෆා එකෙන් ඉදගත්තෙ එයාගෙ ටාගට් එක දිහා තව වරක් බලමින්.
" හේයි... "
ජන්කුක් හිතුවා වගේම එයාගෙ ටාගට් එක කකුල් දෙක ළඟටම ඇවිත්.
" හායි... "
ජන්කුක් වැඩිය ගානකට නොගෙන කියල දැම්මෙ එයාගෙ ප්ලෑන් එකට අනුව.