ටේහ්‍යොන්ග් පිටත් වෙලා යනවත් එක්කම මෙච්චර වෙලාවක් හිරකරගෙන ඉදපු හුස්ම පහල දාපු නිකී එහෙමම බිම වාඩි උනේ පපුවත් අල්ලගෙන. නිකීට තේරුණා මේ වතාවෙ නම් ගැලවීමක් නෑ කියල . බෝගම් එපා කියද්දි ජේජු ගිය නිසා තමයි මේ හැම දෙයක්ම පටන් ගත්තෙ. ටේහ්‍යොන්ග් ට අහු උන එකත් අතෑරලා දාන්න පුළුවන් . ඒත් ජන්කුක් .???
මුලින්ම ගෙට ගොඩවෙනකොටම නිකී ජන්කුක් ව අඳුරගත්තා. ජන්කුක් නම් නිකීව අඳුරගෙන නෑ වගේ. ජන්කුක් එකම එක වතාවක් විතරයි නිකීව දැක්කෙ. ඒකත් සෑහෙන දුර ඉදන්. ඒ ඔක්කොමත් හරි ජන්කුක් ඔය විදියට ගිහින් මොනවාහරි කරගත්තොත් බෝගම් තමන්ගෙ කෙස් ගහක්වත් ඉතුරු කරන්නෙ නෑ කියල නිකී දන්නවා. මොන දේ කරත් බෝගම් ජන්කුක් ට පුදුම තරම් ලෝබයි. ඒ නිසාම තමයි නිකී ජන්කුක් ට ඔය තරම් ඊරිසියා කරන්නෙ. තමන් එක්ක තිබ්බ හැම සම්බන්ධයක් ම බෝගම් අතෑරලා දැම්මෙ ජන්කුක් හම්බ උනාට පස්සෙ. ආයෙම බෝගම්ට ලං වෙන්න වින්ද දුක දන්නෙ නිකී විතරයි . මැරුණා කියල බොරු කරලා ටේහ්‍යොන්ග් ගෙන් ඈත් උනා විතරයි නෙවෙයි මුළු ලෝකෙන්ම හැංගිලා හිටියා. ඒත් දැන් ආයෙම හැමදේම පැටලිලා. නිකී නියපොතු හපන ගමන් නොයිවසිල්ලෙන් පාර බලාගෙන හිටියෙ ටේහ්‍යොන්ග් ගිහින් ජන්කුක් ව එක්කන් එනකන්. පැය ගානකට පස්සෙ බලාපොරොත්තු කඩ උන මුහුනෙන් ගෙදර එන ටේහ්‍යොන්ග් දැක්කම නිකීට තේරුණා තමන්ගෙ අවසානය දැන් ඇවිල්ලා කියල .
...................................................................
" කැප්ටන්... ජන්කුක් හොස්පිටල් එකේ නෑ.."
කලබලෙන් හති දාගෙන ස්ටේෂන් එකට දුවගෙන ආව ජිමින් කියද්දි ඒ ආරංචිය ලැව් ගින්නක් වගේ හැමතැනම පැතිරුණා.
" නෑ කියන්නෙ? හරියට විස්තර කියනව මනුස්සයො "
" ජන්කුක් රෑ එලියට ගිහින් . ආයෙ ඇවිත් නෑ"
ජිමින් කියද්දි නම්ජූන් නලල මිරිකගත්තා.
" හොස්පිටල් එකේ උන් බුදියගෙන ඉදලද පේෂන්ට් කෙනෙක් අතුරුදන් වෙනකන්.. ෂිට් ... ටේහ්‍යොන්ග්ට කෝල් කරාද ? ගෙදර ගිහින් නේද ජන්කුක් "
" ඒ මිනිහා ආන්සර් කරන්නෑ කැප්ටන්. මම ගිහින් බලලා එන්නම්"
" ඉන්න... මම යන්නම්"