ටේහ්‍යොන්ග් ගෙදර ආවේ කලකිරීමෙන්. කොච්චර උත්සාහ කරත් ජන්කුක් ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උන නිසා ටේහ්‍යොන්ග්ට බැරි උනා ජන්කුක් ගෙන් සමාව ගන්න. ටේහ්‍යොන්ග් කාර් එකෙන් බහිනකොටම දැක්කෙ යොන්ජුන් ගෙ දිලිසෙන ඇස්. ඒ කියන්නෙ යොන්ජුන් බලාගෙන ඉන්නෙ ජන්කුක් එනකන්. ටේහ්‍යොන්ග් බරට හුස්මක් අතෑරියෙ හිතට දැනුන දුකත් එක්කම. ටේහ්‍යොන්ග් විතරක් එනවා දැක්ක යොන්ජුන් ආයෙම දුවගෙන යනවා දැක්ක ටේහ්‍යොන්ග් ට ගොඩක්දුක හිතුනා.
" ඔම්මා යන්නද ලෑස්ති "?
ටේහ්‍යොන්ග් ඇහුවෙ දැනටමත් ලෑස්ති වෙලා පාර බලන් ඉන්න අම්මාගෙන්.
" ඔව්... මේ ටිකේ බිස්නස් වැඩ ඔක්කොම අතපසු උනානෙ. අනික ටැනිත් අසනීපෙන් කියල එයාව බලාගන්න එක්කෙනා කිව්වා. ඒ නිසා යන්න වෙනවා. උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න "
නිකීගෙ ප්‍රශ්නය නිසා ඔම්මයි අප්පයි දෙන්නත් තමන් එක්ක හිත හොඳින් නෙවෙයි කියල ටේහ්‍යොන්ග් හිතුවා. නිකී අකමැත්තෙන් මේ විදියට එක්කගෙන එන්න කලින් අම්මලා කියපු දේ අහන්න තිබ්බා කියල ටේහ්‍යොන්ග් ට හිතුනෙ දැන්.
" හොදයි ඔම්මා.."
ඔම්මට සමු දුන්න ටේහ්‍යොන්ග් කාමරේට යද්දි නිකී බැල්කනියට වෙලා කෝල් එකක හිටියා. ඒ දිහා බැල්මක් දාපු ටේහ්‍යොන්ග් කෙලින්ම ගියෙ බාත් රූම් එකට. සෑහෙන වෙලාවක් තිස්සෙ නාගෙන ටේහ්‍යොන්ග් රූම් එකට ආවා
" නිකී... "
තාමත් ඇඳට වෙලා ෆෝන් එක ඔබන නිකී ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.
" මට ටිකක් තනියම ඉන්න ඕන . ඔයාට ගෙස්ට් රූම් එකේ ඉන්න පුළුවන් ද ? නැත්තං මම ගෙසට් රූම් එකට යන්නද? "
ටේහ්‍යොන්ග් ඇහුවෙ ලැබෙන උත්තරය මොකක් උනත් කමක් නෑ කියල හිතාගෙන. සමහරවිට නිකී කේන්ති ගන්නත් පුළුවන් .
" ඕකේ... මට තේරෙනවා... මම ගෙස්ට් රූම් එකට යන්නම් ටේහ්‍යොන්ග් . ඔයාගෙ බඩු ඔක්කොම මෙහෙ තියෙන නිසා ඔයා මේ රූම් එකේ ඉන්න"
නිකී උත්තර දුන්නෙ සතුටෙන් . ඇත්තටම නිකී ටේහ්‍යොන්ග් ගෙන් බලාපොරොත්තු උනේ නෑ මේ වගේ හැසිරීමක්. නිකීටත් උවමනා උනේ පාඩුවෙ තනියම ඉස්සරහට කරන්න තියෙන දේවල් ප්ලෑන් කරන්න විතරයි . ටේහ්‍යොන්ග් ව මුණගැහුන නිසා එයාගෙ ප්ලෑන් ඔක්කොම කනපිට හැරවුනා. හැබැයි නිකීගෙ උත්තරය නිසා ටේහ්‍යොන්ග් නම් ගොඩක් සතුටු උනා.