කිසිම හෝඩුවාවක් නැතුව දවස ගෙවිලා යද්දි ජන්කුක් හිටියෙ සිහිය විකල් උන මනුස්සයෙක් ගානට. වචනයක් හරි කතා කරානම් ඒ ටේහ්යොන්ග් එක්ක විතරයි . කෑම බීම පවා ප්රතික්ෂේප කරමින් කල්පනා කරපු ජන්කුක් සමහර වෙලාවට හඬා වැටුනා.
" දැන් අපි මොකද කරන්නෙ ටේ"?
ටේහ්යොන්ග් ගෙ උකුලට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න ජන්කුක් ව පෙන්නලා ජිමින් ඇහුවෙ යුන්ගි ළඟින්ම ඉදගෙන.
" හිතාගන්න බෑ ..... පුළුවන් හැම විදියකටම උත්සාහ කරා. තව පැය කීයද තියෙන්නෙ ..."
ජින්ව මතක් වෙනකොට ටේහ්යොන්ග් ගෙ ඇස් වල කඳුළු පිරෙන්න ගත්තා.
" මුං කැප්ටන්ටත් මොනවහරි කරයිද දන්නෑ ටේ. "
ජිමින් කිව්වෙ නම්ජූන් ජින් ව ආරක්ෂා කරනව කියල උන පොරොන්දුව මතක් වෙලා.
" මට මොකුත්ම හිතාගන්න බෑ . අනික.. බලන්න මේ අහිංසකයට වෙලා තියෙන දේ. දැනට මෙහෙම නම් බැරිවෙලා වත් ජින් හ්යොන්ට කරදරයක් උනොත් ජන්කුක් එයාටම සමාව දෙන එකක් නෑ."
ටේහ්යොන්ග් ජන්කුක් ගෙ ඔලුව හිමින්සැරේ අතගෑවා.
" මම දන්නවා අපි හැමෝම හිරවෙලා කියල . ඒත් බලාපොරොත්තු නැති කරගන්න එපා. "
මෙච්චර වෙලා නිහඬව හිටපු යුන්ගි කිව්වෙ ටේහ්යොන්ග් ගෙ හිතේ හයියත් නැත්තටම නැති වීගෙන යනව කියල තේරුණ නිසා.
" මට අදහසක් ආවා."
මෙතෙක් වෙලා තිබුණ නිහැඬියාව බිඳිමින් ටේහ්යොන්ග් කතා කරද්දි යුන්ගි වගේම ජිමින්ගෙත් හිත් වල ආයෙම බලාපොරොත්තුවක් ඇති උනා.
" ඔයාලට මතකද හ්යොන්ගෙ කැෆේ එකේ signature dish එක. Super Tuna. ඒක මේ දවස් වල ගොඩක් ප්රසිද්ධ නිසා ගොඩක් social media influencers ලා ඒ කෑම එක කන ගමන් එහෙම වීඩියෝස් අප්ලෝඩ් කරනව. අපි බලමු ඒ දවසෙ ඒ වගේ වීඩියෝ එකක්වත් තියෙයිද කියල ජින් හ්යොන් ඉන්න"
වැඩි බලාපොරොත්තුවක් තියාග
තියාගන්න බැරි උනත් දියේ ගිලිලා මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව වගේ එයාලා ටේහ්යොන්ග් ගෙ අදහසට එකඟ උනා .