episode 34

240 47 12
                                    

හ්‍යුන්ෂික් එක්ක ආව අනික් අයගෙත් උදව් ඇතුව ජන්කුක් බිල්ඩින් එකට ඇතුළු උනේ ඇතුලෙ ඉන්න අයට හිතාගන්නවත් ඉඩක් නොදී. කතා උන විදියට ජන්කුක් ට තිබුණෙ අගමැතිතුමාගෙ පුතාව බේරගන්න එක. අනික් තුන් දෙනා වෙඩි තියද්දි ජන්කුක් පුළුවන් ඉක්මනින් අගමැතිතුමාගෙ පුතා උන ටේමින් ළඟට කිට්ටු උනා. පුටුව පිටින්ම ඇදගෙන ඇවිත් කනුවකට මුවා උන ජන්කුක් පොකට් නයිෆ් එකෙන් ටේමින් ගෙ අත් කකුල් වල බැමි කපලා දැම්මා.

" ඔක්කොම හරි... බයවෙන්න එපා. මම පොලිසියෙන් "

අවුරුදු දහ අටක දහ නමයක වයසෙ තරුණයෙක් උන ටේමින් හිටියෙ බයටම සුදුමැලි වෙලා.

" කලබල කරන්න එපා. මාත් එක්කම ඉන්න"

ආයෙම අවවාද කරපු ජන්කුක්  ටේමින් ගෙ අතකින් අල්ලගත්තා. දෙපැත්තේ ම අය වෙඩි තියාගන්නවා. ජන්කුක් හැංගිලා ඉදගෙන දෙතුන් දෙනෙක්ටම වෙඩි තිබ්බා. ඒත් එක්කම වගේ හ්‍යුන්ෂික් ගෙ සංඥාව නිසා ජන්කුක් ලෑස්ති උනේ එතනින් පිටවෙන්න.

" මාත් එක්කම එන්න. කලබල වෙන්න එපා අපි එලියට යන්නයි හදන්නෙ. එලියෙ පොලිසියෙන් වගේම ඔයාගෙ අප්පත් ඉන්නව"

ටේමින් ට ධෛර්යය දුන්න ජන්කුක් පලවෙනි අඩිය තිබ්බා. කාගෙවත් අවධානයක් ලැබුණෙ නෑ කියල දැනුන ගමන් ටේමින්ව කවර් කරගත්ත ජන්කුක් දොර දිහාවට දුවගෙන ගියා. ජන්කුක් දොර ළඟට යනවත් එක්කම හ්‍යුන්ෂික් ගෙ අයත් ඩෙවි හුවමාරුව අස්සෙම දොර දිහාවට ආවෙ දැන් එයාලගෙ වැඩෙන් 50% ක්ම ඉවර නිසා. ජන්කුක් දොරෙන් එලියට එනවත් එක්කම ජන්කුක් දැක්කා එයාලට අඩි ගානක් ඉස්සරහින්   එල්ල වෙලා තියෙන ගන් එකක්. තප්පරයක් ගත වෙන්න ඇති. බිල්ඩින් එකට ඇතුලු වෙද්දි ජන්කුක් අඩපණ කරලා ගිය මැරයන්ගෙන් එක් අයෙක් ඒ විදියට ෂූට් කරද්දි ජන්කුක් පුළුවන් ඉක්මනින් ටේමින්ව බදාගෙන හංගගත්තෙ තමන්ගෙ ගන් එක මැරයා දිහාවට එල්ල කරන ගමන්ම. ජන්කුක් ෂූට් කරනවත් එක්කම ජන්කුක් ට දැනුනා වම් ඇලයෙන් දැඩි වේදනාවක්. ඊළඟට වම් කලවයෙන්. වේදනාව දරාගෙනම ජන්කුක් දිගටම ෂූට් කරා.

" ඔක්කොම හරි..ඔහොම ඉන්න"

බය වෙලා කෑගහන ටේමින් ව සනසපු ජන්කුක් වටපිට බලන්න ගත්තෙ හ්‍යුන්ෂික්ට කතා කරලා ටේමින් ව භාර දෙන්න. ඒත් පරක්කු වැඩියි. පොලිස් වාහන වල සයිරන් හඬ ඇහෙන්න ගන්නකොටම හ්‍යුන්ෂික් කට්ටිය එක්කම පැනගත්තා.

Save meWhere stories live. Discover now