හිතට ආව කේන්තිය නිසා බෝගම් ඉස්සරහ හැමදේම කියලා දාපු එකගැන පසුතැවෙමින් ජන්කුක් මැන්ෂන් එකෙන් එලියට එද්දි ඒ පස්සෙන්ම හ්යුන්ෂික් දුවගෙන ආවා .
" බලාගෙන ..පොඩි බොස්"
හ්යුන්ෂික් කෑගහනකොට ජන්කුක් ඇඟට පණක් නැතුව බිමට වැටිලත් ඉවරයි . ඉක්මනින් ජන්කුක් ව වාරු කරගත්ත හ්යුන්ෂික් කාර් එකේ දොර ඇරලා ජන්කුක් ට වාඩි වෙන්න උදව් කරා.
" අසනීප තියෙද්දි මෙහෙ දුවන් ආවෙ නිකමට කිව්වා නම් මම කොහොමහරි ලොක්කව ඇදන් එනවනෙ "
හ්යුන්ෂික් නෝක්කාඩු කියන ගමන් ම ජන්කුක් දිහාවට වතුර බෝතලයක් දික් කරා.
" හහ්... ලොක්කගෙ දකුණු අත මටත් උදව් කරනව කියල දැනගත්තම මොනව වෙයි කියලද හ්යුන්ෂික් හිතාන ඉන්නෙ"
ජන්කුක් ඇහුවෙ වතුර උගුරු කීපයක් බීලා.
" කවදාවත් ... කවදාවත් ම පොඩි බොස් කියන දේකට පිටුපාන්න එපා කියල ලොක්කා මට අණ දීලා තියෙන්නේ . ඒ වගේම පොඩි බොස් ව ඇස් දෙක වගේ ආරක්ෂා කරන්නත්..."
හ්යුන්ෂික් කිව්වෙ ජන්කුක් ගෙ මූණෙ ඉරියව් පරීක්ෂා කරන ගමන්. ඒ උනාට ජන්කුක් ගෙ ඇහිපිල්ලමක වත් වෙනසක් නොවුනේ හ්යුන්ෂික් ව පුදුම කරලා.
" මම පොඩි බොස්ට වරදක් කියන්නෑ.... ඒත් අනේමංදා ... මට හිතාගන්න බැරි අපෙ උන්දැ ඔච්චර ආදරයක් තියාගෙන මොකට අර ගෑනිව තියන් හිටියද කියල "
" හැමදේම වෙන්නෙ හොඳට කියනවනෙ බං"
ජන්කුක් කිව්වෙ කට කොණින් හිනාවෙලා.
" ඇත්ත ... පොඩි බොස්ට මේවා ගැලපෙන්නෑ. දුකක් දැනුනත් පොඩි බොස් මේවයින් ඈත් උන එක හොඳයි.."
හ්යුන්ෂික් කිව්වෙ අවංක හඬකින්. අවුරුදු ගාණකින් ජන්කුක් ඉස්සර වගේ කතා කරන එක ගැන හ්යුන්ෂික් හිටියෙ සතුටින්.
" රණ්ඩු වෙන්නද ආවෙ අද"?
ජන්කුක් එනකොට තිබ්බ පෙනුම ගැන හොඳට මතක තිබ්බ හ්යුන්ෂික් ආයෙම ඇහුවෙ ජන්කුක් ගෙ කෑගැහිල්ලත් එලියට තරමක් ඇහුණ නිසා.
" එහෙම දේකටවත් මට ඔය මිනිහා එක්ක බැදීමක් අවශ්‍ය නැ.. අද නම් ආවෙ මිනිහගෙ වගකීම් ටික මතක් කරල දෙන්න. "