episode 20

229 46 8
                                    

තප්පර ගාණකට පස්සෙ ටේහ්‍යොන්ග් ට දැනුනෙ කලින් දවසක දැණුනා වගේම අපහසුතාවයක්. ජන්කුක් ගෙ බෙල්ල වටේ තිබුණ අත් දෙක ටිකෙන් ටික ලිහිල් වෙලා යනකොට ජන්කුක් ට තේරුණා ටේහ්‍යොන්ග් ට තව දුරටත් කිස් එක කන්ටිනිව් කරගෙන යන්න අපහසුයි කියල . තමන්ගෙ වේගයත් ටිකක් අඩාල කරපු ජන්කුක් ටේහ්‍යොන්ග් ට තොල් නිදහස් කරගන්න ඉඩ දුන්නා. ඒත් වැඩි වෙලාවකට නෙවෙයි. ටේහ්‍යොන්ග් දිහා සෙල්ලක්කාර බැල්මකින් බලපු ජන්කුක් ටේහ්‍යොන්ග් ට හිතන්නවත් ඉඩක් නොදී ආයෙම ටේහ්‍යොන්ග් ගෙ තොල් සිපගත්තේ ටේහ්‍යොන්ග් ගැස්සිලා යද්දි.

" සොරි ජන්කුක් ......මම හිතන්නෙ මම තාම රෙඩි නෑ"

ජන්කුක් කිස් එක බ්‍රේක් කරපු හැටියෙම ටේහ්‍යොන්ග් කිව්වෙ පසුතැවීම මුසු බැල්මකින් ජන්කුක් දිහා බලන ගමන්.

" හේයි... අමතකද? මම නෙවෙයි පටන් ගත්තෙ.. ඔයාටමයි ඕන උනේ. දෙවෙනි පාර නම් කිස් කරේ ඔයාට පොඩි පනිෂ්මන්ට් එකකට"

ජන්කුක් කිව්වෙ කටකොනකින් හිනාවෙලා.

" මොකද මේ... ඕක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි. අපි මීට කලිනුත් ඒ ගැන කතා කරල තියෙනවනෙ.. ඕක අල්ලලා දාන්න"

ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ හිනාවෙවී. ඇත්තටම ඒ සිදුවීම නිසා ජන්කුක් ට දුකක් නොදැනුනා නෙවෙයි . ඒත් ටේහ්‍යොන්ග් ඉන්න තත්වෙ දන්න නිසාම ජන්කුක් ඒ සිතුවිලි වලට එහෙමම යට යන්න දුන්නා.

" ඒ උනාට මගෙ හිතට හරි නෑ. "

ටේහ්‍යොන්ග් කිව්වෙ සුසුමක් හෙලන ගමන්.

" පලවෙනි වතාවට වඩා සෑහෙන වෙනසක් තියෙනවා හැබැයි "

ටේහ්‍යොන්ග් ව හිනස්සන්න ඕන නිසාම ජන්කුක් කිව්වෙ ඇහැක් වහලා ඉඟි කරන ගමන්.

ටේහ්‍යොන්ග් ලැජ්ජාවෙන් ඉස්සරහ බලාගෙන හිනා වෙද්දි ජන්කුක් තමන්ගෙ අතේ මෙච්චර වෙලා තිබ්බ යතුර ටේහ්‍යොන්ග් ට දුන්නෙ දැනටත් එයාලා සෑහෙන්න පරක්කු නිසා.

කිස් එක නිසාම වෙනදට වඩා සමීප උන ටේකුක් දෙන්නා හැමවෙලාවෙම හිටියෙ වෙනදට වඩා ළං වෙලා. හරියට කාන්දමක් වගේ. ඉදගන්න ගියත් ජන්කුක් ළඟින් ඉදගන්න ටේහ්‍යොන්ග් පරිස්සම් උනා. ජන්කුක් ගෙන් සැරින් සැරේට ලැබෙන පුංචි පුංචි touches වලින් ටේහ්‍යොන්ග් ට දැනුනෙ ලොකු සතුටක්.

Save meWhere stories live. Discover now