episode 29

237 52 15
                                    

ගෙවුණු දවස් ජන්කුක් ව ගොඩක් කාර්‍යබහුල කරා. සමහර දවස් වලට ටේහ්‍යොන්ග් ජන්කුක් ව දකින්නෙ උදේට ගෙදරින් එනකොට විතරයි . දවසම එහෙ මෙහෙ දුවලා ගෙදර ඇවිත් ඇඳට වැටෙනකොටම ජන්කුක්ට නින්ද යනවා. ටේහ්‍යොන්ග් ට වගේම ජන්කුක් ටත් දෙන්නට දෙන්නව ගොඩක් මගෑරිලා තිබ්බා.

" ජන්කුක් ... ඔයා විවේකයක් ගන්න .. බලන්න ඇස් දෙකත් මැලවිලා ගිහින්."

බොහොම අමාරුවෙන් ජන්කුක් ව විනාඩි කිහිපයකට අල්ලගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක් ගෙ කම්මුලක් ඇඟිලි වලින් පිරිමැද්දා. ටේහ්‍යොන්ග් ගෙ ස්පර්ශය නිසා ජන්කුක් ගෙ ඇස් පියවෙලා යද්දි ටේහ්‍යොන්ග් ට ඕන උනා ජන්කුක් ව සිපගන්න.

" මටත් ඕන රෙස්ට් එකක් ගන්න. හරි මහන්සි . ඒත් මොනව කරන්නද"?

" හැමදේම ඉක්මනින් විසඳෙයි. පරිස්සමට හරිද"?

වටපිට බලපු ටේහ්‍යොන්ග් ජන්කුක් ට කිස් එකක් දීලා එතනින් පිට උනේ ජන්කුක් ගෙ ඇස් කඳුළු පටලයකින් වැහිලා යනකොට. දැන් තමයි ජන්කුක් ට දැනෙන්නෙ තමන් ඇත්තටම ජීවත් වෙනවා කියල . ජන්කුක් හැමදාම බලාපොරොත්තු උනේ මේ වගේ ආදරයක්. දුක සැප දෙකේදිම ළඟින් ඉන්න ජීවිතේ බෙදාගන්න කෙනෙක්. ඒත් ජීවිතේ වැඩිපුරම කාලයක් තමන් රැවටුණා නේද කියල මතක් වෙද්දි ජන්කුක් ට තමන් ගැනම දැනුනෙ පිලිකුලක්.

ජන්කුක් ට අතීතයේ සිද්ධ උන දේවල් මතක් උනා. හැම දෙයක්ම සිද්ධ උනේ බෝගම් කියන විදියට . කොටින්ම බෝගම් ජන්කුක් ව පාලනය කරා. ජන්කුක් කළු පාට අඳින්න ආස නැති උනත් ගෑනු ලමයෙක් වගේ කියල විහිළු කරපු නිසා ජන්කුක් එයාගෙ පාට පාට ඇඳුම් අයින් කරලා කළු අඳින්න පුරුදු උනා. බෝගම්ට ඕන උනේ එයාගෙ හොර වැඩ වලට නායකයෙක්. ජන්කුක් ඒ දේවල් වලට සියුමැලි වැඩි නිසා බෝගම් සෑහෙන වෙහෙසක් ගත්තා ජන්කුක් ව වෙනස් කරන්න . ඒත් හැමදේම ඉවසගෙන ඉදලා ඇති කියල හිතුන තැන ජන්කුක් හැමදේම අතෑරලා දැම්මෙ   බෝගම්ගෙ ඇත්ත තත්වය දැනගත්ත දවසෙමයි. ජන්කුක් හැම දවසකම දෙවියන්ට ස්තූති කරා ටේහ්‍යොන්ග් ව මුණගැහුණට.



" මේක අස්සෙ මගුල් නටන්න එපා කිව්වට අහන්නෙම නෑ ඉතින් "

ටේහ්‍යොන්ග් ජන්කුක් ව සිපගන්න හැටි ඈත තියාම දැකපු දැකපු යුන්ගි ටේහ්‍යොන්ග් ට ඇනුම්පද කියන්න පටන් ගත්තා.

Save meWhere stories live. Discover now