ජන්කුක් හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසෙ ඉදන් ගෙදර ගියෙ නැති ටේහ්‍යොන්ග් ව ජිමින් බලෙන්ම ගෙදර යැව්වෙ පොඩි විවේකයක් අරගන්න කියල . මොකද ටේහ්‍යොන්ග් දැන් ඉන්නෙ ටිකක් කේන්තියෙන් . ටිකක් සුව අතට හැරිලා ඉදපු ජන්කුක් හිතුවෙ ටේහ්‍යොන්ග් එච්චරයි කේන්තියෙන් ඉන්නෙ එයාට මහන්සි වගේම හරිහමන් විවේකයක් නින්දක් නැති නිසා කියලයි. ඒත් ඒකට ඇත්තම හේතුව දන්නෙ ටේහ්‍යොන්ග් වගේම ජිමින් විතරයි ." ජිමිනා... ඔම්මට කියන්න ඕන ටේහ්‍යොන්ග් ව අද ගෙදර තියාගන්න කියල . එතකොට වත් ඔය කේන්තිය අඩු වෙයිද කියල බලන්න. අනික ඒ මනුස්සයට නිදහසක් ඇත්තෙම නෑනෙ මම නිසා."
ටේහ්‍යොන්ග් නොපෙනී ගියාට පස්සෙ ජන්කුක් සුසුමක් හෙලුවා.
" ඉතින් ඒක එහෙම වෙන්න එපැයි . ඒ සර්ගෙ හස්බන්ඩ්නෙ. ඒ මනුස්සයා සර් ගැන කරදර වෙන්නැතුව අල්ලපු ගෙදර මනුස්සයා වෙනුවෙන් කරද්දි වෙන්නයැ.."
" ඒ උනාට ජිමින් මනුස්සයෙක් ට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. දැන් දවස් කීයක ඉදන් නින්දක් නැද්ද, ඒ මදිවට දවස් තුනක් තිස්සෙ මේ කාමරේ හිරවෙලා.. දරුවො දෙන්නා ඇහැට දැක්කෙ නෑ සතියකින් විතර, කේන්ති අරන් නවතින එක මදෑ"
ජන්කුක් කිව්වෙ පසුතැවීමෙන් . ටේහ්‍යොන්ග් මේ විදියට කරදර වෙනවා ජන්කුක් ට බලාගෙන ඉන්න බෑ.
" හහ්... සර් හිතාගෙන ඉන්නෙ ටේහ්‍යොන්ග් ඔය නැට්ට පාගන් ඉන්නෙ ඒක නිසා කියලද? විකාරද "?
ජිමින් ඇහුවෙ උපහාසාත්මකව.
" එහෙනම් මොකද "
කිසිම දෙයක් හිතාගන්න බැරි තැන ජන්කුක් ඇහුවා .
" අර මෝඩ මූසල බෝගමා දවස් දෙකක් මෙහෙ ආවා. දෙවෙනි දවසෙ ඌ ටේහ්‍යොන්ග් ඉදිද්දී රූම් එක ඇතුලටම ඇවිත්. මම එනකොට තමයි ඌ එලියට ගියෙ. දෙන්නා මොනව කතා කරාද කියල නම් මම දන්නෑ. පස්සෙ කැප්ටනුත් ඇවිත් කෑගැහුවා ඇයි ඌට එන්න දුන්නෙ කියල , ටේහ්‍යොන්ග් මේ ගැන මොකුත් ම දන්නෙ නෑනෙ. ඉතින් මගෙන් ඇහුවා බෝගම් ගැන. මම උඩින් පල්ලෙන් කියල දැම්මා. ඒ වෙලාවෙ ඉදන් තමයි ඔය කේන්තියෙන් ඉන්නෙ. "