ජන්කුක්ව රූම් එකකට මාරු කරනකොට ගොඩක් රෑ වෙලා තිබුණා. නිදිවර්ජිතව දෙවෙනි දවසත් ගත වෙලා තිබුණත් ටේහ්යොන්ට නිදිමතක් තිබ්බෙ නෑ. එයාට ඕන උනේ ජන්කුක් එක්ක වචනයක් හරි කතා කරන්න. ඒකට තව කොයිතරම් වෙලා ගතවෙයිද කියල විතරයි ටේහ්යොන් හිතුවෙ. ගත උන මුළු කාලය පුරාවටම ටේහ්යොන්ට කරේ ජන්කුක් ගෙ වෙහෙසට පත් වෙලා තියෙන මූණ දිහා බලන් ඉදපු එක. පියවෙලා තියෙන ඇස් , වියලිලා ඉරිතැලුණු තොල් ජන්කුක්ට තව තවත් රෝගී පෙනුමක් එක් කළා. ජන්කුක් ගෙ සිනිදු කෙස් අතර අතැඟිලි යවන ගමන් අනික් අතේ ඇඟිලි වලින් කම්මුල් ස්පර්ශ කරපු ටේහ්යොන්ග් සුසුමක් හෙලුවේ වේදනාවෙන්.
ටේහ්යොන්ට මතක් උනා ජන්කුක්ව මුණගැහුණ පලවෙනි දවස. ඒ දවස් වල ජන්කුක් ගැන ඒ තරම් පැහැදීමක් නැති උනත් ටිකෙන් ටික කාලය ගෙවිලා යද්දි තමන්ට වගේම දරුවො දෙන්නටත් ජන්කුක්ව නැතිවම බැරි උන හැටි ටේහ්යොන් මතක් කරා. තමන්ට ජන්කුක් ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක්ද කියල ටේහ්යොන්ග්ට පැහැදිලි අදහසක් තිබ්බෙ නෑ. ජන්කුක් ගැන රාගික හැඟීම් ඇතිවෙන්නෙ නෑ කියල ටේහ්යොන්ග් හිතුවත් සැරින් සැරේට ජන්කුක්ව දැක්කම සිපගන්න හිතෙන්නෙ ඇයි කියල ටේහ්යොන්ග් හිතුවා. තමන් ජන්කුක් ගෙ පුංචිම ස්පර්ශයකට පවා ලෝභකම් කරන හේතුව ටේහ්යොන්ට හිතාගන්න බෑ.
ජන්කුක්ගෙ ඇඟිලි එක්ක තමන්ගෙ ඇඟිලි පටලවගෙන නින්දට වැටුණ ටේහ්යොන්ග් අවදි උනේ ඇඟිලි වලට දැනුන පුංචි හෙලවීමක් නිසා. ඉක්මනින් ඔලුව උස්සලා බලපු ටේහ්යොන්ග් දැක්කා ජන්කුක් ඇහැරලා ඉන්න හැටි.
" ජන්කුක් "
ටේහ්යොන්ග් ගෙ හඬට ජන්කුක් යන්තමින් ඔලුව හැරෙව්වෙ ඇඟට දැනෙන අපහසුතාවය දරාගන්න අමාරුවෙන්.
" ව..වතුර"
යන්තමින් ජන්කුක් ගෙ තොල් හෙලවෙනවා දැකපු ගමන් ටේහ්යොන්ග් නැගිටලා වතුර බෝතලේ ගෙනත් ඩොක්ටර්ගෙ උපදෙස් විදියට යන්තමින් වතුර ටිකක් පෙව්වා. වතුර පොවන වෙලාවෙ ජන්කුක් ගෙ වේදනාබර මුහුණ දැකපු ටේහ්යොන් ගෙ ඇස් කදුලින් පෙඟිලා ගියෙ නොදැනීමයි.