" මේක හරියන්නෑ ජන්කුක් .. මෙහෙම ඇතුළට යන්න බෑ.. පේනවනෙ මෙතනට මිනිස්සු එන විදිය . අනික මේවා හොර ගුහාවල්. අපි පොලිසියෙ කියල දැනගත්තොත් මෙතනම මරල දායි. මම කියන්නද? අපි චේන්ජ් කරගෙන එමු.."ක්ලබ් එක ඉස්සරහ තාමත් කාර් එක ඇතුලෙ ඉදන් අවට නිරීක්ෂණය කරන ගමන් ටේහ්යොන්ග් කිව්ව. ටේ කිව්වෙ ඇත්ත . ක්ලබ් වල අයට පොලීසිය එක්ක තියෙන්නෙ එසේ මෙසේ තරහක් නෙවෙයි .
ටේහ්යොන්ග් කාර් එක නැවැත්තුවෙ ෂොපින් මෝල් එකක. මුලින්ම තිබුණ ෂොප් එක ළඟ නැවතුන ටේහ්යොන්ග් ජන්කුක් වත් ඇදගෙන ඇතුළට ආවා.
" කියුට් විදියට තියෙන ඇඳුම් ගන්න ජන්කුක් . ඔය ඔය ඉතින් .. ඔහොම කලු ඇඳගෙන යන්න බෑ. ඉන්න මම තෝරන්නම්."
බැරිම තැන ටේහ්යොන්ග් ජන්කුක් ටත් ඇඳුම් තෝරන්න ගත්තෙ ජන්කුක් අත තියන්නෙම කලුපාට ඒවට නිසා.
" අපෝ මට නම් බෑ මේවා අඳින්න . පොඩි ළමයි වගේ"
ටේහ්යොන්ග් එයා තෝරපු සුදුපාට ඩෙනිමත් එක්ක රෝසපාට හුඩි එකක් ජන්කුක් අතට දෙනවත් එක්කම ජන්කුක් ඒක මුරණ්ඩු විදියට ප්රතික්ෂේප කරා.
" බබෙක් වෙන්න එපා ජන්කුක් . ඔයා හිතන්නෙ මමත් මේවා ආසාවෙන් අඳිනව කියලද"
ජන්කුක් ට ගත්ත පැටර්න් එකෙන්ම ලා නිල් හුඩි එකක් තමන් අතට ගන්න ගමන් ටේහ්යොන්ග් ඇහුවා. ඒත් එක්කම ජන්කුක් කටත් උල් කරගෙන ඇඳුම තමන් වෙතට ගද්දි ටේහ්යොන්ග් ට තේරුණා ජන්කුක් ඉන්නෙ අප්සට් වෙලා කියල .
" ඇඳුම් ගැන හිතන්න එපා ජන්කුක් . මේ වෙලාවෙ අපෙ මිෂන් එක ගැන විතරක් හිතන්න"
ටේහ්යොන්ග් ට කීකරු ව ඔලුව වනපු ජන්කුක් තමන්ගෙ ඇඳුමත් අරගෙන ට්රයල් රූම් එකට ගියා. පුළුවන් ඉක්මනින් අළුත් ඇඳුම් වලට මාරු උන ජන්කුක් එලියට එද්දි ටේහ්යොන්ග් ඇඳගෙන ඇවිල්ලත් ඉවරයි ..
" බොරුවට ඇඬුවනෙ අඳින්න බෑ කියල . බලන්නකො ඔයා හරිම කියුට් ඒකට"
ටේහ්යොන්ග් කිව්වෙ ඇත්ත . කලු ඇඳුම් අඳිනකොට තිබ්බ මැර පෙනුන වෙනුවට අහිංසක හුරතල් කොලුපැංචෙක් තමයි එතන හිටියෙ"