"හලේ මට මහන්සියි ජිමිනි...තවනම් මට දුවන්න බෑ..."
"ඔයාට ගොඩක් අමාරුද බෙයාර්.."
"හ්ම්..."
"එහෙනම් අපි ඇවිදගෙන යමු..."
ස්කූල් එකට තව දුර යන්න තීන නිසා ටේව මහන්සි කරන්න හිතුව නැති ජිමින් ටේගේ අත අල්ලන් හෙමීට ඇවිදන් යන්න ගත්තා..
"ජිමිනි අයිස් ක්‍රීම් කමුද..."
"ඔයාට ඕනිනම් අපි කමු..."
සාක්කුවෙන් හතරට පහට නවපු සල්ලි කොල ටිකක් අතට ගත්තු ජිමින් ටේටයි එයාටයි අයිස්ක්‍රීම් දෙක්කුත් අරගෙන ඒක කන ගමන් ස්කූල් එකට කිට්ටු උනා.
"ජිමිනියා..අදත් අපිට තාප්පෙන් පනින්න වෙයි වගේ නේද..."
ස්කූල් ගේට් එක ලගට වෙලා ඉන්න ප්‍රිෆෙක්ට්ලා සෙට් එක දැක්ක ටේටේ එහෙම කියද්දි ජිමිනුත් ඔව් කියන්න ඔලුවවනලා ටේ එක්ක හැංගිලා හිටි තැනින් අයින් වෙලා එයාලා වෙනදට තාප්පෙන් පයින තැනට ආවා..