"කොහෙද ගියේ..."
"ග..ගාර්ඩ්න් එකට..."
ටෲ බල්ඩ් ඇල්ෆා කැලේ ගිහින් ජිමින්ට ගොත ගැහෙන්න ගත්තේ ටේටේගේ කවදාවත් නැති තරම් සැර කටහඩ නිසයි..
"මේ රෑ ?? කාව මුන ගැහෙන්නද ගියේ...."
"කාවව..ත් නෑ..."
"ඇයි එහෙනම් බය වෙලා.."
"ඔයා කතාකරන විදිහ අමුතුයි..හරියට කේන්තියෙන් වගේ.."
"මන් හීනෙන් බයවෙලා නැගිටිද්දි ඔයා මන් ලග හිටියේ නෑ..මන් ඔයාව හෙව්වා...ඒත් ඔයා ගෙයි ඇතුලේ හිටියේ නෑ..."
"සමාවෙන්න..ආයේ මන් එලියට යන්නේ නෑ..."
"සමාව විතරක් අරගෙන හරියන්නෑ..."
"එහෙනම් ??"
"හෙට බීච් සයිඩ් එකේ තීන කානිවල් එකට මාව එක්ක යන්න ඕනී.."
"ඒත් ඒක බයානකයි.."
"ඔයා මාව එක්ක නොගියොත් මන් කෑගහලා අඩනවා හරිද..."
ටේටේ මූන පුම්බන් ලද අවස්තාවෙන් උපරිම ඵල නෙලාගන්න ට්‍රයි කරද්දි ඇස් හීනිකරලා ටේටේ දිහා බැලුව ජිමිනි ටේටේව කානිවල් එකට එක්ක යන්න එකගවුනා..
next day evening
ස්කූල් ඇරිලා ආවට පස්සේ වොෂ් දාලා ජිමින්ගේ වදේට හෝම්වර්ක් කරන්න ගත්ත ටේටේ හවස්වුන ගමන් ජිමින්ට වදේ ගහලා කානිවල් එකට යන්න ලෑස්ති වුනා..
"මේ බෙයාර්...මොන හේතුවක් නිසාවත් ඔයාට බෑ මගෙ අත අතහරින්න හරිද..."
"හරි අනේ..ඔයා ඕක මට කීවෙනි පාරටද කිව්වේ.."
සෙනග පිරුනු ලස්සන බල්බ් වැල්වලින් අලංකාර වුන බීච් සයිඩ් එකෙ කානිවල් එක දිහා ආසාවෙන් බලන් හිටි ටේටේ එහෙම කියද්දි ටේටේ කියන දේ ඒ විදිහටම ආහාවී කියලා තේරුන් ගත්තු ජිමින් ටේගේ අත තදින් අල්ලන් කානිවල් එක ඇතුලට ගියා..