after three days..
"බෙයාර්......"
"ම්..."
"ඔයා මා එක්ක තරහින්ද..."
"ම්හු.."
"එහෙනම් ඇයි ඔයා මන් එක්ක කතා නොකරන්නේ..."
"ඔයා මන් එක්ක තරහා ඇති කියලා හිතුවා.."
"මන් මොකටද ඔයා එක්ක තරහා වෙන්නේ.."
"මන් මේ ටිකේ නිතරම කේන්ති අරන් ඔයා එක්ක වගෙම අනික් අය එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා..මේ මාලේ මගේ බෙල්ලට ආ කාලේ ඉදන් මන් නරක,නපුරු ලමයෙක් වෙලා.."
"දන්නවද ඔයා නපුරුත් නෑ නරකත් නෑ.."
"ඒ ඉස්සර...මේ මාලේ නිසා මට මාව හිරවෙලා වගේ දැනෙනවා..මට මේක බෙල්ලෙන් ගලවලා දාන්න හිතුන වාර අනන්තයි.ඒත් මේක ගලවන්න එපා කියලා හැල්මොනී නිතරම කියන නිසා මේක ගලවන්නත් බෑ..මට මේක දාගෙන ඉන්නත් බෑ..මේක හරි කරදරයක්.."
ඈතේ අහසේ බැබලි බැබලි ඉන්න හද දිහා කදුලු පිරුනු ඇස් වලින් බලන් හිටි ටේටේ එහෙම කියද්දි ටේගේ අතක් තමන්ගේ අත් අතරට මැදිකරගත්තු ජිමිනි ඒ අත හරිම සොෆ්ට් විදිහට පිරිමැද්දා..
"මොන දේ උනත් ඔය මාලේ ගලවන්න එපා බෙයාර්..හැල්මෝනී කිව්වේ ඕක ඔයාගේ ආරක්ෂාවට දාපු මාලයක් කියලනේ.."
"හ්ම්..."
"ඔයාට කොච්චර කේන්ති ගියත් ඔයා එක්ක මන් වගෙම හැල්මොනිත් ඉන්නවා..ඒ නිසා දුකින් ඉන්න එපා.."
"..."
"දන්නවද බෙයාර්...ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොදම අහිංසකම තරුව..."
"තරුව ??? "
"ඔව් තරුව...මන් පුන්චි කාලේ ඉදන් තරු වලට හරි ආදරෙයි..තරු නිසා මට දැනෙන සතුට මෙච්චරයි කියන්න බෑ..ඒ වගෙම ඔයා නිසා මට දැනෙන සතුට මෙච්චරයි කියන්න බෑ..ඉතින් ඔයා තරුවක්..."
"හේ හේ.....ඔයා හරි ශෝයී..."
කලින් කදුලු පුරවන් හිටි ඇස් ජිමිනි දිහාට හරවන් හිනාවුන ටේටේ එහෙම කියද්දි ජිමිනි ටේගේ කම්මුකින් ඇද්දා..
"හැමදාම ඕම හිනාවෙලා ඉන්න..තරු බබෝ..."
"තරු බබා...හයිශෝ මට ලැජ්ජයි වගේ.."
අපෙ පිස්සු ඒලියන් නිදහස් අතින් එයාගේ මූන වහම් එහෙම කියද්දි හිනාවුන ජිමිනි ටේටේව හරි ආදරෙන් හග් කලා..
"දැන් අපි යමුද ගෙට..හැල්මෝනී බලන් ඇතී.."
එයාලා ගාර්ඩ්න් එකේ ලොකු ගහක් යටට වෙලා කයිය ගැහුව වෙලාවේ හැල්මෝනී රෑ කෑම ලෑස්ති කරලා ඇති කියලා හිතුව ජිමිනි එහෙම කියද්දි ජිමිනිට තුරුලු වෙලා ඇස් පියන් හිටි ටේටේ ජිමිනිගේ තුරුලෙන් ඈත් වෙලා ඉදන් හිටි තැනින් නැගිට්ටා..
"ජිමිනියා...මන් ආදරෙයි ඔයාට..මාව දාලා යන්න එපා හරිද..."
මාස තුන හතරක් තිස්සේ ඉදන් ජිමිනිගේ අමුතු හැසිරීම් රටාව නිසා ටිකක් බයෙන් හිටි ටේටේ ජිමිනිගේ අත තදින් අල්ලන් ඒම කියද්දි ජිමිනි ටේගේ අත ආපිටට තද කරලා අල්ලගත්තා..
-----------------------------------------------------------
KimYoo_0 🙃❤️