"ඔව් සමාව දෙනවා...හැබැයි ඔයා මන් කියන දේ කරන්න ඕනී.."
ටේටේ කියන්නේ බිම්බෝම්බයක් කියලා නොදන්න ජිමින් හා කියන්න ඔලුවවනද්දි ටේගේ යටි හිත කට කොනින් හිනාවුනා..
"ඔයාගේ මේට්...එයා ඉන්නේ අර කැලේ ඇතුලේ නේද..මට එයාව පෙන්වන්න.."
"ඇහ්..මේට් 😮💨"
"ඔව්..ඔයා අර සුදු පූසට කියලා පහුගිය ටිකේ හෙව්ව මේට්.."
යටි හිතින් කපටිකමට හිනාවුන ටේටේ ඇස් හීනිකරන් ජිමින් දිහා බලන් එහෙම අහද්දි ජිමිනිගෙ උගුර කට වෙලිලා ගියා.
"ම්හ්..??"
"මන් එයාව මුන ගැහෙනවට ඔයා කැමති නැද්ද..ඔයා කැමති නැත්තන් ඕනි නෑ..මන් ආසාවටයි එයාව මුනගැහෙන්න ඇහුවේ."
"බෙයාර්..☹️"
"මූන එල්ල ගන්න එපා ජිමිනි මන් ඔයාට නිකන්ම සමාව දෙම්නම්..."
ජිමිනිගෙන් ඈත්වුන ටේටේ බැල්කනි එකේ වැටට බරදීලා අහස දිහා බලන් එහෙම කියද්දි ජිමිනිගේ හිතට මොකක්ද වුනා..
"මට හම්බුන මේට් කෙනෙක් නෑ අලේ..."
"ඒනම් ඔයා රෑට රෑට අර කැලේ ඇතුලට ගිහින් මුන ගැහෙන්නේ කාවද..."
"කෑලේ ඇතුලේ..!!කාවවත් නෑ..."
ටේගේ ඇස් රැදවිලා තිබුන කැලේ දිහා බයෙන් බලන් හිටි ජිමිනි එහෙම කියද්දි ටේට හිනා ගියා.ඒ හිනාවෙන්ම ජිමිනි දිහාට හැරුන ටේටේ ජිමිනිගේ චූටි අතක් එයාගේ අත්වලට මැදිකරගත්තා..
"මගෙ මිමියෝ..මන් බබෙක් තමයි.මේ බබාට පුන්චි කාලේ ඉදන් එලිවෙනකම් තුරුලු වෙලා නිදාගම්න මිනීගේ උනුහුම නැතිවුනාම වෙලා ගිහින් හරි තේරෙනවා.
ඉතින් ඔයා රෑට රෑට ගෙදරින් එලියට යන එක ගැන මන් දන්නවා.විශේෂයෙන් එදා ඔයාව මට මාට්ටු උනාට පස්සේ ඉදන්.. අනික් එක ලගදි ඉදන් මගේ කන් ඇහීම ගොඩක් වැඩි වෙලා නිසා මන් අහන්න ඕනි නැති සමහර දේවලුත් මට ඇහෙනවා..""බෙයාර්...🤥💔"
"මොකක් හරි නිසා මන් ඔයාගෙන් ඈත් වෙන්න ඕනිනම් ඔයා මට අනිවා ඒ ගැන කියන්න.මන් ඔයාට වදයක් වෙන්නේ නෑ මිනී..."