Chapter 27

118 29 29
                                    

"දැන් එතකොට ඔයා වේයර් වුල්ෆ් ඇල්ෆා කෙනෙක් මන් ඔයාගේ මේට් ඔමේගා.."

"ම්.."

"එතකොට ඔයාගේ වුල්ෆ්ගේ නම JM.."

"ඕ.."

"එතකොට මගේ කෙනාගේ ?"

"ඒක ඉතින් ඔයා ඔයාගෙ වුල්ෆ් එක්ක කතාකරලා දැනගන්න ඕනී.."

"ආ...මේකනම් පිස්සුවක්..මගේ ඔලුවත් එක්ක අවුල් යනවා.."

"වැඩිය හිතන්නෙපා පැටියෝ..ඔයාට තාම හුරු නෑනේ..."

තමන්ගේ උකුලට වෙලා ඔලුව ජිමිනිගෙ පපුවට තද කරන් කෑගැහුව ටේගේ කොන්ඩෙ උඩට කරන ගමන් එහෙම කිව්ව ජිමිනි ටේගේ කම්මුලකින් හාදුවක් තිබ්බා.

ටේටේ මනුස්ස වේශයට ඇවිත් දැන් පැය භාගයක් විතර ඇති..

ඒ වෙලාවේ ඉදන් එයාගේ වැඩේ ජිමිනිගේ උකුලට වෙලා කියවන එකයි රතු වෙන එකයි..

වොෂ්රූම්එකේදි උන දේයි තමන් ජිමින්ගේ මේට් කියන කාරනෙයි නිසා රතු වුන ටේ එයාගේ අලුත් ස්වරූපය නිසා පුදුමයට පත්වෙලා හිටියා.ඉතින් එයා වෙනදටත් වඩා ජිමිනි ලග කතාපෙට්ටියක් වුනා..

"ඉතින් පැටියෝ,දැන් අපි ඔයාගේ බර්ත් ඩේ  කේක් එක හදන්න පටන් ගමුද.."

"ම්..."

වෘක ස්වරූපෙන්ම නින්දට වැටුනු ටේටේ නැගිටිද්දි උදේ වෙලා තිබුන නිසා උදේ කෑම එක්ක බර්ත් ඩේ කේක් එකත් හදන්න හිතුව ජිමිනි එහෙම කිව්වම ඒකට එකග උන ටේටේ සුටුස් ගාලා ඇදෙන් බිමට බැස්සේ කේක් එක හදන්න තීන ආසාවටයි

ජිමිනිගේ ලොකු හූඩියකුයි කොට කලිසමකුයි ඇදන් හිටි ටේටේ දිහා හිනාවකින් බැලුව ජිමිනි ටේටේ එක්ක කිචන් එකට ගියා..

ටේටේ එක්ක මුලින් බ්‍රෙක්ෆස්ට් රෙඩි කල ජිමිනි කේක් එක හදන්න ගන්නකොටම ඩෝර් බෙල් එක වදින සද්දෙ එයාලට ඇහුනා..

"හැල්මොනීද දන්නේ නෑ.."

"ඒයි ඔහොම ඉන්නයි කිව්වේ..මන් ගිහින් කවුද ඇවිත් ඉන්නේ කියලා බලනකන් ඔයා මෙතනටම වෙලා ඉන්න.."

කිචන් අයිලන්ඩ් එකෙන් බිමට පැනලා ඩෝර් එක අරින් දුවන්න හැදු ටේගේ හූඩි එකෙන් ඇද්ද ජිමිනි ටේට එහෙම කියලා මෙයින් ඩෝර් එක දිහාට ගියේ ඇවිත් ඉන්නේ කවුද කියලා කල්පනා කරන ගමනුයි..

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now