ටේටේ ජිමින්ව නොදැක අදට දවස් පහක් වෙනවා..මේ දවස් තුන පුරාවෙදි ගොඩක් දේවල් කොරියාව තුල සිද්ද වුනා...
ජිමින් මාධ්‍යට නිදහස් කල තොරතුරු නිසා කොරියාවේ ආරක්ෂක අංශවලින් වැන්ග්ව හොයන්න ගද්දි කුලප්පු වුන වැන්ග් ජිමින්, ජින්ජූන් ටේකුක් පස්දෙනාගෙන් විතරක් පලිගන්න එක අමතක කරලා එයාලගේ පැක් දෙකෙනුත් පලිගන්න පටන් ගත්තා..
ජීපීඑස් වලින් ජින්ජූන්ලා ඉන්න තැන හොයාගන්න ජිමින්ට පුලුවන් උනත් එයාලව බේරගන්න එක ඒ තරම්ම ලේසිවුනේ නෑ...
කන්ඩායම් කීපෙකට බෙදිලා බෝගම්ගේ මිනිස්සුන්ට පහරදීලා කොහොමහරි ජිමින් ජින්ජූන් දෙන්නව බේරගත්තත් ජිමින්ට ඊලගට දැනගන්න ලැබුනේ බෝගම් යූන් කුක් දෙන්නව කිඩ්නැප් කලා කියලා..
ඒ වගෙම එයාලගේ පැක් එකේ පාවා දෙන්නෙක් ඉන්නවා කියන එක...
මොකද ජිමින් සිම් එක මාරු කරලත් එයාට බෝගම්ගෙන් කෝල් එනවා...
එනික් එක යූන් කුක්ව අරන් යන්න පුලුවන් තැන ගෙස් කරන්න පුලුවන් අය ඉන්නේ කීපදෙනයි...
තව බෝගම්ගේ කටින් පිටවුන යම්දෙයක් නිසා පැක් දෙකම අනතුරේ කියලා ජිමින්ට තේරුනා..
ඒ නිසයි එයා ජින්ජූන් යූන්කුක් දෙන්නව බේරගන්න එයාලගේ ගැන්ග් එකේ අයව යවන්න ලෑස්ති වෙද්දි ජිමින් ඒ අයව පැක් වල ආරක්ෂාවට යවන්න කිව්වේ..
ජින් ජූන් දෙන්නව තනි දවසෙන් හොයා ගත්තත් යූන් කුක් දෙන්නව හොයාගන්න ජිමින්ට දවස් දෙකක් ගතවුනා..
ඒ දවස් දෙකේදි වැන්ග්ව බලන් ඉද්දි බලයෙන් ධනයෙන් වගෙම මානසිකවත් කඩන් වැටුනා..
ඉහවහා ගිය කේන්තිය නිසා ජිමින් එක්ක ෆේස්ටූ ෆේස් සටන් කරන්න ආව වැන්ග්ට කෙලින්ම ෆේස් කරන්න උනේ මාරයාට...
මොකද මේ වෙද්දි ජිමින්ගේ පැත්තට ආරක්ෂක අංශයෙනුත් උදව් තිබුනා..
ගිනිගැනීම් වෙඩි තැබීම වංචා හෙලිදරව් වලින් එක දිගට කැලබුනු කොරියාවේ දවස් තුනකට පස්සේ මිස්ටර් වැන්ග් සහ ඔහුගේ පුත් වැන්ග් බෝගම් මිය ගියා කියන නිවුන්ස් එකෙන් කැලබුනා..