"හ්ම්...අදත් ඒ හීනෙමයි..මන් මේ හීනේ දකින්න ආසම නෑ..තව ටිකක් ඉවසන්න ඔම්මා අප්පා..මන් ඔය දෙන්නගේ මරනේ පලිය ගන්නවා ගන්නවාමයි.."
හීනේන් අතාරින්න කියලා කෑගහ ගහ හිටි ජිමින් අතකුත් ඇදේ වද්දන් නැගිටගෙන වොෂ් රූම් එකට රිංගන් තමන්ටම එහෙම මුමුනද්දි එයාට ටේටේ ඈනුම් අරින සද්දේ ඇහුනා..
"ගුඩ් මෝනිම් බෙයාර්..."
"ගුඩ් මෝනිම් ජිමිනි..."
ජිමින්ට සුභ පැතුව ටේටේ ආයෙම ඇදේ පෙරලෙද්දි බ්‍රශ් එකට ටූත් පේස්ට් දාගත්තු ජිමින් හිනාවෙවීම දත් ටික මැදගත්තා..
"බෙයාර්...නැගිටින්න.."
"අද අපිට අලුත් දවසක්.ඔයා ඉක්මනින් ඇවිත් මූන සෝදන් පහලට එන්න මන් කෑම රෙඩි කරලා තියන්නම්....."
සුපුරුදු පරිදි සුපුරුදු දෙබස් ටික කිව්ව ජිමින් ටේටේ පෙරවන් හිටිය ඩුවට් එකත් අයින් කරලා දාලා පහලට ගියා..
KAMU SEDANG MEMBACA
I found you //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fiksi Penggemar(completed) Vmin sinhala short love story 💖