"ඔප්පා සරංහේ..."
ටේගේ අත අලන් හිනාවෙවී ස්කූල් එකට ඇතුල් වෙමින් හිටිය ජිමිනිගේ හිනාව නැති කරන්න ඒ කට හඩට පුලුවන් වුනා..
"ඔප්පා මේවා මන් U.S.A. ගිහින් එනකොට ඔප්පටමයි අරන් ආවේ..අයි මිස් යූ සෝමච් ඔප්පා.."
රැපින් කල ගිෆ්ට් බොක්ස් කීපයක් දාපු තඩි කඩදාසි බෑග් එක අත්දෙකෙන්ම ජිමින් දිහාට දික් කල යූනා ජිමිනි දිහා පපී අයිස් වලින් බලන් හිටියේ එයා ඒවා අතට ගන්නකන්...
"සමාවෙන්න යූනා.මට මේවා ඕනි නෑ..."
"එපා කියන්න එපා ඔප්පා මන් හරිම ආසාවෙන් ඔයාට මේ ගිෆ්ට් තේරුවේ.."
දිලිසෙන ඇස් ඉක්මනින් තෙත් කරගත්තු යූනා එහෙම කියද්දි ජිමිනිට දුක හිතුනත් යූනට බොරු බලාපොරොත්තු දෙන්න ජිමිනිට ඕනි උනේ නෑ.ඉතින් එයා මුකුත් නොකියා තරහින් මූන පුම්බන් ඉන්න ටේව එක්කන් එයාගේ ක්ලාස් එකට යන්න ගත්තා...
"ඔප්පාහ්.."
එක සැරේම ජිමින් පස්සෙන් දුවන් ආව යූනා එයාගේ ගිෆ්ට් බෑග් එක ජිමිනිගේ අතේ රදවලා අනික් පැත්ත හැරිලා දිව්වා.
ඒකෙන් උනේ ටික කාලෙකට රට ගිහින් හිටි වාත කෝච්චිය යූනා ආයේම ස්කූල් ආ එකට කේන්තියෙන් හිටි ටේගේ කේන්තිය ඇවිස්සුන එක...
ඉතින් එයා යූනගේ බෑග් එකයි ජිමිනිගේ අත දිහ බලලා තනියම එයාගේ ක්ලාස් එකට ගියේ කේන්ති අරන් නරක විදිහට හැසිරිලා ජිමිනිට ලැජ්ජ කරන්න එයාට ඕනි කමක් නොතිබුන නිසයි..
"ගුඩ් මෝනිම් ජිමින්..මොකද අද ඔයා තනියෙන්..කෝ ඔයාගේ අනික් භාගේ.."
"ගුඩ්මෝනිම් ජූන් හියුන්ග්.එයා ක්ලාස් එක ඇතුලට ගියා.."
"එහෙනම් ඔයා මොකද මෙතන කරන්නේ"
"මේ බෑග් එක යූනගේ ඒක යූනට ආයේ දෙන්න ඕනි ඒත් මන් එයාගේ ක්ලාස් එක දන්නේ නෑ.."
"ආ..අද මට ඩියුටි බාරවෙලා තීන්නේ එයාගේ ක්ලාස් එකේ.මන් ඕක එයාට දෙන්නම්.."
"කමක් නැද්ද හියුන්ග්..."
"කමක් නෑ කොල්ලෝ..."
ජූන්ගේ ඒ වචනත් එක්ක මූන බෙරිකරන් යූනාගේ බෑග් එකට කරන්න දෙයක් හිත හිත හිටි ජිමිනිගේ මූන කල එලිය වෙලා ගියා.