Chapter 5

186 37 5
                                    

"මතකයිනේ..තාප්පේ උඩට නැග්ගා..ලග තිබුන ගහට අඩිය තියලා බිමට බහින්න ඕනී..හැබැයි තුවාල කරගන්න බෑ..."

"ඔව් මතකයි..."

"හරි එහෙනම් දැන් නගින්න..."

ස්කූල් එක ඇතුලේ තිබුන ගහකට ලගින්ම තිබුන කොට තාප්පේ ලගට ටේ එක්ක ආව ජිමින් උපදෙස් ගොඩක් එක්ක ටේට ස්කූල් එක ඇතුලට පනින්න උදව් කලා..

"ජිමිනී..."

"ඉන්න මන් දැන් එනවා.."

ටේටේ ඇතුලට බැහැලා ජිමින්ගේ නම කියද්දි තාප්පේ වතුර බහින්න හදලා තිබුන පුන්චි සිදුරුවල උදව්වෙන් තාප්පෙට නැගගත්ත ජිමින් ස්කූල් එක ඇතුලට පැනගත්තා..

"ඔයාට අවුලක් නෑ නේද බෙයාර්.."

"අවුලක් නෑ...මෙන්න ඔයාගේ බෑග් එක "

තාප්පෙන් පනින්න කලින් ස්කූල් එක ඇතුලට විසික් කරපු බෑග් දෙක අතේ තියන් හිටි ටේටේ ඒකෙන් එකක් දෙද්දි ජිමින් ඒක අතට අරන් ටේගේ අතකිනුත් අල්ලන් ස්කූල් එක ඇතුලට යන්න ගත්තා.

ඒත් එක සැරේම එයාලා ඉස්සරහින් මතු වුන රූපයක් නිසා ඒ දෙන්නම එක තැන නතර වුනා..

"කිම්- කිම්-"

I found you   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now