දවස් එක දෙක වේගෙන් ගෙවිලා ගියේ ටේ අතරෙයි ජිමින් අතරෙයි ඇතිවෙමින් තිබුන අමුතු බැදීම ගැන යූන්ට ලොකු ප්‍රශ්නයක් ඇති කරලයි.
මුලින් අහිංසක ටේටේ කේන්ති කාරයෙක් වෙද්දි කේන්තිකාර ටේට විරුද්දව යූන් ජිමින් එක්ක කියවද්දි අහිංසක ජිමිනුත් යූන් එක්ක කේන්ති ගන්න පටන් ගත්තා.
මේ වෙන හැමදේටම හේතුව ටේයි ටේගේ බෙල්ලෙ තීන මාලෙයි හැල්මොනියි කියලා තේරුන් ගත්තු යූන් දිගින් දිගටම ටේ ගැන හැල්මොනී ගැන හිතුවා.
ටේගේ සර්නේම් එක කිම් වෙලා ටේගේ බර්ත් ඩේ එක 12/30 වෙලා ටේයි ජිමිනියි එක වයසේ වෙද්දි ටේගේ බර්ත් ඩේ එකට කලින් ටේගේ බෙල්ලට වැටුන අමුතු මාලෙයි හැල්මොනි එයාගේ බර්ත් ඩේ එක දවසෙ කිව්ව දේවල් ගැනයි හිතුව යූන්ට,
මෙතන මොකක්ම හරි හුටපටයක් තීනවා කියලා තේරුනා..
ඉතින් එයා මේ ගැන හොයලා බලන්න තීරනේ කලා..
ඒ තීරනේ පලමු අදියරය විදිහට ටේගේ ස්කූල් ඔෆිස් එකට ඇතුලු උන යූන් ටේගේ ඩීටේල්ස් ෆයිල් එක හොයාගත්තා.
යූන්ගේ අවදානය සම්පූර්නයෙන්ම එයා අතේ තිබුන ටේගේ බර්ත් සෙටිපිකේට් එකට යද්දි ඔෆිස් රූම් එකේ ඩෝර් එක ඇරෙන සද්දේ යූන්ට ඇහුනේ නෑ..
"තමුන්!"
"ම්හ්..??"
"තමුන් නේද දවසක් අපේ ස්කූල් එකේ ඉදලා එකසැරේම අතුරුදන් වුනේ...."
ජින්ගේ කටේ සද්දෙට උඩ ගිය යූන් අතින් ටේගේ ඩීටෙල්ස් ෆයිල් එක අතෑරෙද්දි ජින්ගේ අවදානය ඒකට යොමු වුනා..
"ඔයා කා ගැනද තොරතුරු හොයන්නේ.."
බිම වැටුන ෆයිල් එක යූන් අහුපගන්න කලින් තමන් අතට ගත්තු ජින් එහෙම අහද්දි ජින්ට රැව්ව යූන් එතනින් අතුරුදන් වුනා..
"මේ වැම්පයර්ලනම්...😐"
යූන් කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා මේ වෙද්දි අවබෝද කරන් හිටි ජිනී එහෙම කියලා අතේ තිබුන ෆයිල් එකට එයාගේ අවදානය දෙද්දි,
ලයිබ්රි එකෙන් මතුවුන යූන් ටේගේ මාලේ ගැන විස්තර ඉක්මනින් හොයන්න ගත්තා.
few minute later...
"එහෙනම් මේක තමයි රහස..."
ලයිබ්රි එකේ කෙලවරේම රක්කේ පහලින් ලැබුන පොතේ අන්තිම වෙනකන් කියෙව්ව යූන් පොත වහලා දාලා තමන්ටම එහෙම මුමුනගත්තා..
*මන් ඉක්මනින්ම ඔයාගේ මේට්ව හොයලා දෙන්නම් ජිමිනි..*
කටකොනින් හිනාවෙනගමන් එහෙම හිතුව යූන් අතේ තිබුන පොතත් අරන් ලයිබ්රි එකෙන් අතුරුදන් වුනා..
------------------------------------------------------------
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද රට වාසී ලෝකවාසී සියලුදෙනාට සාමය සතුට සෞභාග්‍ය පිරි නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉම්න..🫂💖