Time skip...
කාලය ගෙවෙන්නේ හීයක වේගෙන්...
අද විමින්ලගේ ලොකු බබාගේ පස්වෙනි උපන්දිනය...මේ ගෙවුනු අවුරුදු පහට කොල්ලො හත්දෙනාගෙම ජීවිතවල ගොඩක් සුන්දර දේවල් සිද්දවුනා..
එදා සිදුවීමෙන් මාස තුනකට පස්සේ හොබීව මැරි කරලා එයාගේ පැක් හවුස් එකට ජූන් යද්දි ඊටත් මාස අටකට පස්සේ ෆයිනල් එක්සෑම් ඉවරකල කුකි යූන්ජින් ඩබලව මැරි කරලා ජින්ගේ පැක් හවුස් එකේ නතර වුනා..
යූන්ගේ ෆැම් එකේ නායකත්වය ඊලග උරුමකරු බාරගත් නිසා ජින් එක්ක යූන් නතරවෙන එක කිසිම ප්රශ්නයක් වුනේ නෑ.
කොහොමත් යූන් පොඩි කාලේ ඉදන්ම හිටියේ වුල්ෆ්ලා එක්කමනේ...
ඉතින් එයාව වුල්ෆ් පැක් එකට දීලා දාන්න කවුරුත් අකමැති වුනේ නෑ...
අකමැති වුනත් ඉතින් කුක්ජින් ඩබල එක්ක මුකුත් කරන්න බෑනේ...🤭
කොහොමහරි තවත් අවුරුද්දක කාලේ ගතවෙද්දි හෝප්ජූන්ලට දුවෙකුත් යූන්කුක් ජින්ලට නිවුන් දුවයි පුතයි ලැබුනා..
ඒ වගෙම විමින්ලා එයාලගේ ඊලග පැටව් තුන්දෙනා වෙනුවෙන් බලන් හිටියා...
වෙන් වෙන්ව ජීවත්වුන මේ පවුල් තුනේ විස්තර කිව්වොත් වාඩාත්ම කාර්ය බහුල ජීවිතයක් ගතකලේ යූන්..
මොකද බබාලා දෙන්නට එයාගේ ටෙලිපෝට් පවර් එක ලැබිලා තිබුනා..
ඉතින් සැරින් සැරේට අතුරුදන්වෙන පැට්ව්ව හොයන එකයි කුක්ජින් දෙන්නගේ රැවිලි ගෙරවිලි වගෙම සාගරේ තරම් ආදරේ දරාගන්න එකයි තමා යූන්ගේ ලොකුම රාජකාරිය වෙලා තිබුනේ..
ඊට අමතරව එයා වෙනුවෙන් මරාගන්න කුක්ජින් දෙන්නගෙයි බබාලගෙයි රන්ඩු බේරන්න සිද්දවුනා..
ඒවටත් අමතරින් ජිමින් එක්ක දුක සතුට බෙදාගන්න ගිහින් ටේට මාට්ටුවෙලා තව තව කේස් වලට මූන දෙන්නත් යූන්ට සිද්ද වුනා..
ඉතින් යූන් ගෙව්ව ජීවිතේ ගොඩක් කාර්ය බහුල එකක් වුනා...
මොනාවුනත් යූන් ගෙව්වේ හරිම ආදරනීය පවුල් ජීවිතයක්...❤️