"ජිමිනි...මේ අහන්න දරුවෝ..."
"කියන්න හැල්මොනී..."
ටේටේ එහෙ මෙහෙ වෙනකන් බලන් ඉදලා ජිමිනිගේ අත අල්ලන් ගාර්ඩ්න් එකට ආව ටේගේ හැල්මොනී මොකක් හරි ලොකු කතාවක් කියන්න යනවා කියලා ජිමිනිට තේරුනා..
"මේකයි දරුවෝ..තව ඒ හැටි කාලයක් යන්න කලින් මගේ කොල්ලට 18 පනිනවා එතනින් පස්සේ එයාට ගොඩාක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වේවී..ඉතින් ඒ කාලෙදි ඔයා එයා ලගින්ම ඉදන් එයාට ශක්තියක් වෙන්න..එයාගේ අයිතිකාරයා එයාට හම්බ වෙනකන්වත්..."
"ඇයි හැල්මොනී එක සැරේම මෙහෙම දෙයක් කියන්නේ.."
"ටේට 18 වෙද්දි මන් තවදුරටත් මේ ලොකේ ඉන්නේ නැති නිසයි.මට මගේ දරුවා ගැන බයයි..ඔයා ටෲ බල්ඩ් ඇල්ෆා කෙනෙක් නිසා ඔයාට පුලුවන් මගේ බෙයාර් ගැන බලාගන්න..."
"හැ..හැල්මොනී ??"
"ඔයා මේ ගෙදර ආ කාලෙම මන් ඒක දැනන් හිටියා..මන් ඒක කිසිම කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්නෙ නෑ..ඒ නිසා බය වෙන්න එපා.."
"ඒත්.."
"වැම්පයර් මින් යුන්ගිගේ අප්පා ඔයාව මෙහෙට බාර දීලා ඔයා එක්ක කතාකරපු දේවල් මට අහම්බෙන් වගේ ඇහුනා.ඒම ඇහුනා කියලා මන් ඔයාට මේ වෙනකන් කිසිම දෙයක් ඇගෙව්වේ නෑනේ.ඉතින් මේක මගෙන් පිට කෙනෙක් දැනගනීවී කියලා ඔයා බයවෙන්න ඕනි නෑ..මන් දැන් උනත් මේක කිව්වේ මගේ බෙයාර්ගේ ආරක්ෂාව වෙනුවෙන්.."
"ම්....මේ හැල්මොනී.."
"කියන්න දරුවෝ.."
"අපි හයිබ්‍රිඩ්ලා කියලා දැන දැනත් හැමොනී කොහොමද අපිට බය නොවී මේහෙම නවාතැන් දුන්නේ.."
"එතන ඔයා නොදන්න ලොකු රහසක් තියේ..හැමදේම හරි කාලෙදි ඔයාලට දැනගන්න ලැබේවී..එතකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න..."
තමන්ගෙයි ටේගෙයි ටේවත් නොදන්න රහස ජිමිනිගෙනුත් හැංගුව ටේගේ හැල්මොනී එහෙම කියලා ටේගේ මාලේ ගැන අවදානෙන් ඉන්න කියලා ජිමින්ට උපදෙස් දුන්නා..