"බලන්න ටේටේ අද අපි පරක්කුයි ඉක්මන් කරන්න..නැත්තන් අපිට ස්කූල් යන්න පරක්කු වේවී..."
දෙන්නා එක්කම බ්‍රෙක්ෆස්ට් එක අරන් දෙවෙනි ලෝක යුද්දේ වගේ රූම් එක පෙරලගෙන ඉක්මනින් ලෑස්ති වෙද්දිත් වෙලාව හතා මාරයි..
අලුත් සතියක් කියන්නේ පොත් පත් තිබ්බ තැන් අලුතින් හොයන්න හත් අවුරුද්දක් යනවා කියන එකයි.
හෙන කට්ටක් කාලා පොත් බෑග් එක ලෑස්ති කරගත්ත ටේටේ පෙට්ටි හිනාවත් එක්ක ජිමින් දිහා බැලුවේ එයා ලෑස්ති වෙලා ඉවරයි කියන්න වගේ..
ඒත් එයාට එක දෙයක් අමතක වෙලා කියලා එයාට තේරුමක් ගියේ නෑ..
"හයියෝ බෙයාර්..ඔයා සපත්තු දෙක නැතිවද යන්න හදන්නේ..."
"ඔහ්...මට අමතක උනා.."
"ඉන්න මන් ඔයාට සපත්තු දෙක දාන්නම්."
ටේටේ ඇදෙන් වාඩිගෙන සපත්තු දෙක දාගන්න යද්දි එයා ලග දනගැහුව ජිමින් ටේට සපත්තු දෙක දාලා ලේස් දෙක තදින් ගැටගැහුවා..
"දැන් ඉතින් දෙන්නත් එක්ක හැල්මේ දුවන්නයි තීන්නේ..."
ගෙයින් එලියට බැහැලා පට්ටම හෙමින් යන අන්තිම බස් එකෙන් ටේ එක්ක බිමට බැහැගත්ත ජිමින් ටේ දිහා බලන් එහෙම කියද්දි ටේගේ මූන බෙරි වුනා..