two week later...
ටේට බබා ලැබෙන්න එන්න එන්නම දින ලන්වෙද්දි ටේජිමින් දෙන්නගෙම හිත් ගොඩක් නොසන්සුන් උනා...
ඒකට හරි හේතුවක් නොදැන හිටියත් මොකක් නමුත් නරක දෙයක් සිද්දවෙන්න යනවා කියලා කොල්ලො කට්ටියටම තේරුනා...
ඉතින් එයාලා තීරනේ කලා ටේට බබා ලැබෙනකන් ඉන්න තැන වෙනස් කරන්න..
ජින් ජූන් ටේ ජිමින් කුකී...මේ කට්ටියම දැනට එයාලට අයිති ගොඩක් තැන්වල වාසය කරලා තීන නිසා මේ සැරේ ඉන්න වෙනමම තැනක් ගැන ප්ලෑන් කලා..
එතකොට තමයි ජූන්ගේ බෝයිෆ්රෙන්ඩ් වුන ජන්ග් හේසෝක් එයාගේ සීක්රෙට් ප්ලේස් එකට එන්න කියලා කට්ටියටම ආරාධනා කලේ...
ජන්ග් හේසෝක් කියන්නේ ඩොක්ටර් කෙනෙක් වගෙම වුල්ෆ් කෙනෙක්..
එයා ඇල්ෆා කෙනෙක්..එතකොට මෙයාව මැරි කරන ජූන් ජින්ට පැක් එක බාරදීලා හොබීගේ පැක් එකේ ලූනා වෙනවා..
එතකොට එයාලට ලැබෙන බබාලා ටෲ බලඩ් ඇල්ෆලා..හරියට ජිමින් වගේ....
කොහොමහරි.....කට්ටියම හොබීගේ ආරාධනය පිලිඅරගෙන හොබීගේ ප්ලේස් එකට යන්න බඩු ලෑස්ති කරගත්තා...
කට්ටියත් එක්ක සේරම බඩු ලෑස්ති කරන් ගමන පිටත් වෙලා ගමනින් භාගයක්ම ඉවර වෙද්දි ටේටේට දෙයක් මතක් වුනා..
"ජිමිනී..මගේ තාරාවා..."
"ම්හ්?"
"අනේ...මට එයාව ගන්න අමතක වුනා..."
"අපි මගදි අලුත් එකක් ගමු..."
"අනේහ්..ඒක ඔයා මට කානිවෙල් එකේ තරගෙකින් දිනලා අරන් දුන්න එකට සමාන වෙන්නේ නෑනේ..."
"දැන් ආපහු හැරෙන්න බෑනේ..."
"ඒත්....මට ඒක නිදාගද්දි ලග තියාගන්න ඕනිනේ..."
"නිදාගද්දි ලග තියාගන්න ලොකු තාරාවෙක් ඔයාට ඉන්නේ...."
"ඒ තාරාවයි අර තාරාවයි දෙන්නම මට ඕනී..."
"අපි භාගයක් දුර ඇවිත් ඉන්නේ..."
"ආපහු හැරෙන එක අසුභයිද..."
"ඒ වගේ නේද..."
කතාවෙන් කතාව හෝප් ජූන් දෙන්නගේ කාර් එක පිටිපස්සෙන් තමන්ගේ වාහනේ ඩ්රයිව් කල ජිමින් ටේගේ දිහා බලලා එහෙම අහද්දි ටේටේ ගැස්සිලා වගේ ඉස්සරහා බැලුවා..