"ජිමිනී..."
"ම්..."
"හැල්මොනී දේගු ගිහින් ආවට පස්සේ ඉදන් හරි වෙනස් නේද.."
"ම්..."
"එයා හැම නිතරම මගේ කමිසෙ එහාට කරලා මගේ බෙල්ල බලනවා.."
"ඒ ඔයාගේ මාලේ තීනවද බලන්නනේ.."
"මන් ඒක දන්නවා..ඒත් එයා ඉස්සර ඕම වදවුනේ නෑනෙ..දැන් එයා මට නීති ගොඩකුත් දාලා තීන්නේ.."
"ඒ ඔයාගේ හොදටනේ බෙයාර්..."
"ඔයා ඇයි හැමවෙලේම හැල්මොනීගේ පැත්තට කතාකරන්නේ.."
"මේ අහන්න බෙයාර්..මේ ලෝකේ හරිම බයානක තැනක්.අපිට මේ ලෝකේ ඇතුලේ පරිස්සමට ඉන්නනම් වැඩිහිටියන්ගේ නීති/උපදෙස් පිලිපදින්න වෙනවා.මොකද එයාලා අපිට වඩා කාලයක් මේ ලෝකේ ජීවත් වෙලා තීනවා..තේරුනාද..."
"හ්ම්..."
"ඔයා දන්නවද බෙයාර්..ඔයා කියන්නේ ගොඩාරියක් ලස්සන කෙනෙක්.ඔයා ඉස්සරහට තවත් ගොඩාක් ලස්සන කෙනෙක් වේවී..එතකොට ස්කූල් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලො ඔයාට වද දීගෙන පස්සෙන් ඒවී.."
"දැනට කියලා වෙනසකුත් නෑනේ..ඔයා ඉන්න නිසා තමා මන් මෙහෙම හරි බේරිලා ස්කූල් එකේ නිදහසේ ඇවිදින්නෙවත්.."
"ම්..ඉතින් ඒ නිසා තමයි හැල්මොනී ඔයාට මන් ලගින්ම ඉන්න,තනියම එහෙ මෙහෙ යන්න එපා..කවුරුහරි මොනාහරි කරන්න කියන්න ආවොත් මට,හැල්මෝනීට වෙන හොද මනුස්සයෙක්ට කියන්න කියලා හැල්මොනී ඔයාට කියන්නේ..."
"ඒත් ඒවයි මේ මාලෙයි අතරේ තීන සම්බන්දේ මොකක්ද..."
"ඒකනම් මටත් ප්රශ්නයක්..සමහරවිට ඕකේ GPS එකක් තියේද දන්නේ නෑ..."
"ම්..වෙන්නත් බැරි නෑ...කෝම්ද් උනත් හැල්මෝනී ආසාවෙන් දාපූ මාලේ පරිස්සම් කරගන්න ඕනී..."
තොල් දෙකත් උල් කරගෙන බෙල්ලේ තීන මාලේ දිහා බලන් එහෙම කිව්ව ටේටේ ආයෙම ඒ මාලේ එයාගේ ශර්ට්එක ඇතුලේ හංගගත්තා..