අලුත් දවසක් අලුත් ඉරක්...ඊයේ තිබුන බයානක වටපිටාව තවදුරටත් විමින්ලා වටා තිබුනේ නෑ...
ඊයේ ගල්ගුහාව ඇතුලේ හිටි ටේටේව බේරගන්න කුකී යූන් එක්ක එනකොට ටේට සිහි නැතිවෙලා තිබුනා...
කුකී බබාව ගනිද්දි යූන් ටේටේව උස්සන් ජින් ගෙන්න ගත්තු ඇම්බියුලන්ස් එකට දාගනිද්දි හෝප්ජූන් දෙන්නා ජිමින්ව හොයමින් ගල් ගුහාව අවට කැරකුනා..
ඒ අතරෙදි ටිකක් ඈතින් එක දිගට ඇහුනු වෙඩි හඩ දිහාට එයාලා වේගෙන් යන්න ගත්තම එතනට එකතු වෙන කලු ඇදගත් මිනිස්සුන්ව එයාලට දකින්න ලැබුනා.
ඉතින් හෝප් ජූන් දෙන්න එයාලට වෙඩි තියමින් එතනට කිට්ටු කරද්දි දැක්කේ ලේ බේරෙන ඇගත් එක්ක අමාරුවෙන් වෙඩි තියන ජිමින්ව..
එයා වේදනාව දරාගෙන ඉදලා හොබීගේ ඇහැ ගැටෙනවත් එක්ක සිහි නැතිව ඇද වැටෙනවා දැක්ක හොබී ජූන්ව ජිමින් ලගට යවලා ඉතිරිවෙලා හිටි හතුරො ටිකව එයාගේ ගැන්ග් එකේ අය මරලා දැම්මා...
එයාලා යන ඕනි තැනක ආයුධ ඇති තරම් අරන් යන නිසා හොදයි නැත්තන් මෙයාලට මැරෙන්න වෙන්නේ ප්රති ප්රහාර එල්ල නොකරමයි...
කොහොමහරි..උන්ඩ ඉවර වෙන්න වෙන්න ආයේ දම දමා කැලේ ඇතුලේ උන එකම යුද්දෙට තිත තියලා හෝප් ජූන් දෙන්නා ජිමින්වත් ඇම්බියුලන්ස් එක්ක දාලා එයා එක්කම හොස්පිට්ල් එකට ගියේ අනික් අය කැබ් වලින් හොස්පිට් එකට එද්දී...
හොබී ඩොක්ටර්කෙනෙක් නිසා හොස්පිට්ල් එකේ වැඩ ඉක්මනින් හොදින් සිද්ද වුනා..
පැය කිහිපයක ප්රතිකාර වලට පස්සේ ටේව බබා එක්කම vip රූම් එක්කට මාරුකරද්දි පැය ගානක සැත්කමකට මැදි වුන ජිමින් අයිසීයූ බෙඩ් එකේ තනිවුනා..
සුලු සුලු තුවාල ලබලා හිටි අනික් අය එයාලගේ තුවාල වලට බෙහෙත් කරගෙන ජිමින් හිටි තැනට ගාඩ්ලා දාලා ටේගේ රූම් එක ඇතුලට වෙලා ටිකක් රෙස්ට් කලා..
පැය හතර පහකට පස්සේ ටේට සිහිය ඒවී කියලා ඩොක්ටර්ස්ලා අනුමාන කලත් ටේට බබා ලැබෙද්දි වුන හානියට නිසි ප්රතිකාර නොලැබුන නිසා ටේ ගොඩක් වීක් වෙලා...