📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy ය්ඩ්කිරීමෙන් වළකින්න..ටොක් ටොක්•••
ඇදේ දිගා වෙලා සිංදුවක් අහගෙන හිටපු මම දොරට ගහන සද්දෙට දොර ලගට ගිහින් හිටන් දොරට කන තියන් හිටියෙ ඒ අර ඔවනර් පිසාචයා ඇවිත් ඉන්නෙ කියල දන්න නිසා..
"" මේ දොර අරින්න ඉක්මනට..""
එයා දොරට ගගහ මැරෙන්න යද්දි මම පුපුර පුපුර ඇතුලට වෙලා හිටියෙ දොර නෙමෙයි අරින්න උබේ කට.. "" දැන් නිකන් තොත්ත බබා වෙනවා.. මම දැක්කනෙ බාතෲම් එකක් පල්ලෙහා තිබ්බ කියල.. මොන ලබ්බකට මේක අස්සෙ එන්න හදනවද මන්ද..""
"' මේ දොර අරිනවා ඕයි..""
ආහ් ඕයි කතා කරන්න වත් දන්නෙ නැති ඔලු බක්ක.. ඉන්නවකො අද මම තමුසෙට කරන දේ හිතා ගන්නත් බැරි වෙයි..
"" අහ්හ්හ්ග්ග්...""
එයා ආයෙත් දොරට පැන පැන දොර කඩන් ඇතුලට එන්න යද්දිම.. මම දොර ඇරපු ගමන් එයා ඇතුලට වැටුනෙ මගෙ හිනාවත් පාලනයෙන් ගිලිහී යද්දි..
"" මොකද ඕයි හිනා වෙන්නෙ..""
"" හිනා ගියා.. සොරි හොදේ..""
"" fuck..""
එයා නැගිටල අතේ වැලමිට බල බල මට රවද්දි.. මම තවත් බඩ අල්ලන් හිනා උනා..
"" තමුන්ට ලැජ්ජ නැද්ද ආහ්...පල්ලෙහා බාතෲම් එකක් තියෙද්දි මේක අස්සටම එන්න..""
"" මොකක්..""
මම කියපු දෙයින් එයාගෙ ඇස් ගැස්සෙද්දි.. මම කින්ඩියට වගේ හිනා වෙවී එයා දිහා බලන් හිටියෙ අත් දෙක බැදගෙන..
"" මම දැක්ක ඔක්කොම.. දැන් ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ ඔයාට..""
"" ඇත්තටම ඒක..""
"" මට මුකුත් අහන්න ඕන නෑ..""
මම එයාට පස්ස හරවගත්තම එයා ටික වෙලාවක් නිහඬව හිටපු තැනම ඉදල දොර ඩාං ගාල වහගෙන එලියට ගියෙ මමත් එහෙම්ම ඇඳට වැටෙද්දි.. "" හොරාගෙ හොර වැඩ මාට්ටු.. දැන් ඉතින් ආයෙ කොහොමත් මට මූණ දෙන්න නම් බැරි වෙයි..""
එයාට මම කරපු දේ මතක් කර කර හිනා වෙවී කොට්ටෙ අස්සෙ මූණ හංග ගත්තෙ ඒ නපුරු මූණ සිහි කරමින්..
YOU ARE READING
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳