📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*ඊයෙ රෑ එයාගෙ තුරුලෙම මම නිදා ගත්තෙ.. එයා ලෝකයක් දන්න මිනි මරුවෙක් උනත්.. ලියෝන් කියන්නෙ මගෙ ආදරේ.. ඒ වගේම මගේ පන..
අද තවත් දවසක්.. අපි දෙන්නගෙම ආදරේට තිත තියන දවස.. අඳුරු කරන් අහසම මහ වැස්ස පොළොව සිපගන්න විදිහ මම ජනේලෙන් බලාගෙන හිටිය..
ලියෝන් තාමත් කොට්ටයක් තුරුල් කරන් නිදි.. මගෙ හිතට වද දෙන ප්‍රශ්න දහසක් තියෙන නිසා.. මට රෑ පුරාත් නින්ද ගියෙ නෑ..
මම ගොඩක් හිතුව.. ඔෆිස කියපු දේවල් ගැන තව මගෙ දිදී ගැන ඒ වගේම යාලුවා ඩොක්ටර් ජේම්ස් ගැනත්.. ඉතින් මම අන්තිමට තීරණයක් ගත්තා.. මම ෆෝන් එක අරන් මැසේජ් එකක් දැම්මෙ ඔෆිසට..
📱"" අද මම ඔයාට ඕන කරන කෙනාව බාර දෙන්නම් ඔෆිස..""
මැසේජ් එක සෙන්ඩ් කරල මම බර හුස්මක් පිට කරේ.. ඇදේ නිදන් ඉන්න ලියෝන් දිහා බලල..
මට දුකයි ඒත් මම කියල මොනා කරන්නද.. මම ඔයාව බාර නොදුන්නත් එයාල ඔයාව අල්ල ගනීනෙ කොහොමත්.. ඉතින් මට සමාව දෙන්න ලියෝන් ඔයාට පුලුවන් කාලෙක..
මම එයා ලග ඉදගෙනම එයාගෙ හිස කෙස් අතරින් මගෙ ඇගිලි තුඩු ගෙනිච්ච.. එයා හෙමීට ඇස් ඇරල මන් දිහා බලල හීනියට හිනා උනා.. හරියට උදේට පායන ඉර වගේ එයාගෙ හිනාව මම දැක්කෙ..
"" ගුඩ්මෝනින් හාවො..""
"" ගුඩ්මෝනින් මගෙ ඕනරයො..""
එයාගෙ පපුවට ඔලුව තියාගෙන මම ඇස් පියා ගත්තා.. ඒ පපුව ගැහෙන හඬට මම ඇහුන් කන් දුන්නා.. කිසි හදිසියක් නැතුව එයා මන් වෙනුවෙන්ම ගැහෙනවා..
"" මොකෝ අද කවදාවත් නැතුව මගෙ ඇග උඩ අහ්..""
"" එපාද ඉතින්..""
"" කවුද එපා කිව්වෙ..""
මගෙ ඔලුවට හාදුවක් දුන්න එයා දිහා මම ඔලුව උස්සල බලද්දි.. එයා ආයෙත් මට ලස්සන හිනාවක් දුන්නා..
"" ලියෝන් මන් එක්ක එනවද ගමනක් යන්න..""
"" කොහෙද..""
ESTÁS LEYENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanficලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳